හිතුවක්කාර ළමා විශේෂඥ වෛද්‍යවරයෙකු නිසා මීගමුව රෝහලේ තහඩු වාට්ටුවල අපාදුක් විදින ලෙඩ්ඩු !

0
283
dav
වෙනත් ගොඩනැගිලි වලින් වටවි ඇති අයුරු ….

මේ දිනවල ඇති අධික රස්සනය හේතුවෙන් මීගමුව රෝහලේ විශේෂයෙන්ම 4 වෙනි වාට්ටුවේ රෝගින් මෙන්ම කාර්ය මණ්ඩලයද මහත් අපහසුවකට පත්ව ඇත.
මෙහි මුළික වරද වි ඇත්තේ කඩිමුඩියේ කිසිදු ගෘහ නිර්මාණ ශිල්පිය නියමයන් පිළිනොදමින් ළමා විශේෂඥ වෛද්‍යවරයෙකු සිදුකරන්නට යෙදුන බරපතල මෝඩ ක්‍රියාවක්ය.
ගණිතඥයෙකු ඇවැසි තැනකට නැට්ටුක්කාරයෙකු පැමිණ විට සිදුවන්නේ කුමක්ද ?
මෙවන් වගකිමක් අදාල වෛද්‍යවරයාට භාරදුන් රජයේ ඉහල සෞඛ්‍ය බලධාරින්ටද මේ අපාගත චෝදනාවෙන් කිසිදු ගැලවිමක් නැත්තේමය.
මේ වාට්ටුවේ පවතින තත්වය ගැන විමසා බලා රස්නය අඩුකරමින් වැඩි වාතාශ්‍රයක් ලබාදිමට ඇති හැකියාව විමසා බැලිම සදහා මීගමුවේ ප්‍රධාන පෙළේ වරලත් වාස්ත්‍ර විශේෂඥයෙකු ගිය අවස්ථාවේ දි ඔහුගේ නිගමනය වි තිබුනේ මේ වාට්ටුව එහෙම පිටින්ම හතර පැත්තෙන්ම වෙනත් ගොඩනැගිලි වලින් වටවි ඇති නිසා වා කවුළු ඇතිකරමින් හෝ වාතාශ්‍රය ලබාගැනිමට ඇති ඉඩ අහිමිව ගොස් ඇති බවය.
දැන් ඇති ඉක්මන් විසදුම වන්නේ හැකිතාක් විදුලි පංකා යොදා මේ රෝගින්ට සහ කාර්ය මණ්ඩලයට යම් හෝ අස්වැසිල්ලක් ලබා දිමය.
ඒ සදහා දැනටමත් මීගමුව මුස්ලිම් මහපල්ලිය මුලිකත්වය ගෙන තිබේ.

වෙනත් ගොඩනැගිලි වලින් වටවි ඇති අයුරු ….

 

Save

Save