හිපොප් ගායකයාගේ ඝාතනයෙන් පසු නාසිවාදීන් පල්ලම් බසියි

0
75

Greece Stabbing

ග්‍රීසියේ  ජනප්‍රිය  හිප් හොප් ගායකයෙකු වූ පාව්ලෝස් ෆයිසාස්  සිය ජීවිතයෙන් සමුගත්තේ සැප්තැම්බර් 17 වනදා මධ්‍යම රාත්‍රියේදී  එල්ලවූ පිහි ඇනුම් ප්‍රහාරයකට ලක්වීමෙනි.  දැඩි නාසි විරෝධීයෙකු  වන  ඔහුගේ  නිර්මාණ වලින්  ජාතිවාදය විවේචනයට ලක්වූ අතර ඔහු නාසි විරෝධී ක්‍රියාකාරිකයෙකු බවද සැලකේ.  ‘ Killah P, ( ‘“Killer of the Past” ) යන අනුවර්ත නාමයෙන්  හැදින්වූ පාව්ලෝස් ෆයිසාස් 34 හැවිරිදිය.   ඔහු මෙම ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේදී  සිය පෙම්වතිය සමග කෝපි අවන්හලක ෆූට්බෝල් මැච් එකක නරඹමින් සිටි බව ඔහුගේ මිතුරන්  පවසති. පාවලෝස් ෆයිසාස් ට මෙම මාරාන්තික ප්‍රහාරය එල්ල කිරීම සිදුකර ඇත්තේ  නව නාසිවාදීන් නියෝජනය කරන  ‘ ගෝල්ඩන් ඩෝව්න් පක්ෂයේ’ (Golden Dawn) ආධාරකරුවෙක් බවත් මාධ්‍ය වාර්තා කරන අතර ප්‍රධාන සැකකරුවෙකු  එදිනම අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී මෙම වරදකරු විසින් අපරාධය පිළිබඳ ප්‍රකාශයක් කර ඇත. ඔහු සමග මෙම ප්‍රහාරය සඳහා කලු ටී ෂර්ට් පැළදී, හමුදා සපත්තුලාගත් තවත් ආධාරකරුවන් 30 දෙනෙකු පැමිණි බව  දුටුවන්   ප්‍රකාශ කරති.

කෙසේ වුවත් පාව්ලෝස් ෆයිසාස් ගේ ඝාතනයෙන් පසු ග්‍රීසිය තුළ නව නාසිවාදීන් වෙත දැඩි විරෝධයක් එල්ලවූ අතර මෙම සිද්ධියෙන් කම්පනයට පත් පාව්ලෝස් ෆයිසාස් ට ආදරය කරන  ජනතාව වීදි බැස විරෝධතා පැවැත්වූහ.  මෙම තත්ත්වය ග්‍රීසියේ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි තර්ජනයක්  ලෙස ග්‍රීක් ජාතිකයන් සලකන බවත් මාධ්‍ය විසින් වාර්තා කරති.
Golden Dawn පක්ෂය  ග්‍රීසියේ  ජනප්‍රිය දේශපාලන පක්ෂ අතර තුන්වෙනි ස්ථානයට සිටින පක්ෂයකි. මෙම හිපොප්  ගායකයාගේ මරණයෙන් පසු නව නාසීවාදී ගෝල්ඩන් ඩෝව්න් පක්ෂයේ ජන්ද පදනම  පහළට වැටී ඇති බව ද  වාර්තා පෙන්වා දෙති.


උපුටා ගැනීම – http://globalvoicesonline.org/2013/09/23/greece-anti-fascist-musician-stabbed-to-death-by-neo-nazi/
http://www.bbc.co.uk/news/world-europe-24154762