හිමිකරුවන් ඉතාලියේ – නිවස ඡාවාරම්කරුවන් බදුඅරන් ?

0
94

වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ හිමි කරුවන් නොමැති නිවසක කාලයක සිට පවත්වාගෙන ගිය ගණිකා මත්කුඩු හා ගංජා ව්‍යාපාරයක නිරතව සිටි පිරිසක් සැකපිට ඊයේ (18) සවස අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණේ නයිනමඩම වෙන්නප්පුව හා දුම්මලදෙණිය යන ප්‍රදේශවල තරුණයන් 5 දෙනෙක් හා මීගමුව ප්‍රදේශයේ තරුණියකි ඔවුන් සන්තකයේ තිබි හෙරොයින් මිලිග්රෑම් 45 ක් ද සොයාගත් බව පොලිසිය කීය එම නිවසේ හිමිකරුවන් ඉතාලියේ රැකියාවල නිරතවන්නන් බවත් හිමිකරුගේ ඥාතියෙක් වන තරුණයෙක් මෙම නිවස කාලයක සිටම මෙම අපචාර ක්‍රියාවන් වෙනුවෙන් යොදාගෙන ඇති බවට මූලික පරික්ෂණවලදි තහවුරු වි ඇති බව පොලිසිය කීය.
නිතරම මෙම නිවසේ තරුණ තරුණියන් ගැවසීම පිළිබඳව ප්‍රදේශ වාසින්ගෙන් ලැබුණු තොරතුරු මත දීර්ඝ පරික්ෂණයකින් පසු මෙම වැටලීම කල බවත් එම වැටලීම සිදුවන අවස්ථාවෙදීත් තරුණයන් පිරිස මත්කුඩු හා ගංජා භාවිතා කරමින් සිටි බව වැඩි දුරටත් පොලිසිය පැවසීය.
වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර මහතාගේ උපදෙස් මත මූලස්ථාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ මග පෙන්වීමෙන් පොලිස් දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක විජිත ලියනගේ උප පොලිස් පරික්ෂක සමරතුංග කොස්තාපල් 72765 බණ්ඩාර 60568 සනීර 84519 සුදර්ශන17206 නිශාන්ත කාන්තා පොලිස් කොස්තාපල් 5413 කල්පනි 9335 චතුරාණි යන නිළධාරින් මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.11058069_935510206491713_2757186854861156182_n

චන්දන ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here