හිලරි ක්ලින්ටන් පැරදුනේ ඇයි?

0
96

මුළු ලෝකයේම අවධානය දිනාගත් මහා මැතිවරණයක් ඊයේ දිනයේදී අවසන් විය. ඒ ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයයි. තමන්ගේ 45 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා ඇමරිකානු ජනතාව ඊයේ දියේදී තමන්ගේ ඡන්දය ප්‍රකාශ කලහ. නමුත් ලෝකයේ බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගනිමින් තමන්ගේ ජයග්‍රහණය ස්ථීර කරගනු ඇතැයි බොහෝ පිරිසක් බලාපොරොත්තු වූ හිලරි ක්ලින්ටන් නොසිතූ ලෙස පරාජය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ජයග්‍රශණය ස්ථීර කරගැනීමට සමත් වී තිබිණි. මැතිවරණයට පෙර පැවැති විවාදයන් වලින් පසුවත් ජයග්‍රහණයේ බලාපොරොත්තු තබා සිටි හිලරි ක්ලින්ටන් පරාජය වූයේ ඇයි ??

හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ සටනේ ප්‍රධානතම අරමුණ බවට පත්වී තිබුණේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ඡන්ද එකතුව නැවතත් එක්ලස් කර තමනගේ ඡන්ද ගොනුව බවට ඔවුන් පත් කර ගැනීමයි. නමුත් බැරැක් ඔබාමා සමග සිටි  සුළු ජාතියන් හා තරුණ පිරිස්ගේ ආකර්ෂණය දිනාගැනීමට ඇයට හැකියාවක් ලැබුනේ නැත. අප්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානුවන්,ලතින් ඇරිකානුවන් මෙන්ම ඇමරිකාවේ තරුණ පිරිස්ද ප්‍රමාණවත් පරිදි ඡන්ද පොලවල් වෙත ගෙන ඒමට හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ වැඩපිළිවෙල අපොහොසත් වීම නිසා බැරැක් ඔබාමා සතුව තිබූ එවැනි ඡන්ද විශාල ප්‍රමාණයක් නැවත් රැස් කරගැනීමට ඇයට නොහැකි වීමෙන් ධවල මන්දිරය වෙත ඇගේ ගමන ඊයෙන් අවසන් විය.

ඊයේ දිනයේ ඡන්ද ප්‍රකාශකිරීම අවසන් වන විටත් තමනගේ ජයග්‍රහණය ස්ථීර බවට සිතා සිටි හිලරි ක්ලින්ටන්ට තමන්ගේ මැතිවරණ වැඩපිළිවෙලේ ප්‍රධාන අවදානයක් ලබා දී තිබූ පෙන්සිල්වේනියා හා මිචිගන් වැනි ප්‍රාන්ත මෙන්ම තමන්  අනිවාර්‍යෙයන් ජයගනු ඇතැයි බලාපොරොත්තු වූ විස්කොන්සින් වැනි ප්‍රාන්තයන් පරාජය වීමටත් සිදුවී තිබීම විශේෂත්වයක් විය. ඇගේ මැතිවරණ වැඩපිළිවෙලේ ඉතිරි ප්‍රධානතම ඉලක්කයන් ජයගැනීමට ඇය සමත් වූවත් හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ඡන්ද එකතුව නැවතත් තමන්වෙත රැස් කරගැනීමට ඇය අපොහොත් වීම ඇයගේ පරාජයට මෙහිදී කැපීපෙනෙතම  හේතුව විය.

US-elections-2016-638871


edition.cnn.com ඇසුරිණි./චින්තිකා මිතිලායා/chinthi490@gmail.com
15897_10204900471566512_706263376089117802_n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here