හුදකලා නීතිය ඉවත් කළ ප්‍රදේශවලින් ආසාදිතයන් රැසක් .. ! බොරැල්ලෙන් පමණක් 25 ක් ?

0
79
corona( 8.00 pm ) කොළඹ හා ගම්පහ හුදෙකලා කර තිබු ප්‍රදේශ කිහිපයක හුදෙකලා කිරීම් අද උදෑසන 5න් ඉවත් කරනු ලැබු අතර ඒ අනුව මෙලෙස හුදෙකලා කිරීම් ඉවත් කල ප්‍රදේශ වලින් රැසක් මේ වන විට වාර්තා වි තිබේ.
මේ අනුව බොරැල්ලෙන් පමණක්  ආසාදිතයින් 25 ක් හා දෙමටගොඩින් ආසාදිතයින් 15 ක් හමුවී ඇත
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 1 අයෙක් හා ජා ඇළ ප්‍රදේශයෙන් ආසාදිතයින් 3ක් හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ආසාදිතයින් 44 දෙනෙකු අද දිනයේ හුදකලා නිතිය ඉවත් කරන ලද ප්‍රදේශ වලින් හමුවි තිබෙන බව citizen.lk වෙබ් අඩවිය සඳහන් කර තිබේ

මේ අතර හුදකලා කලේ යැයි විධිමත් ලෙසින් කිසිවිටකත් ප්‍රකාශයට පත්ව නොතිබුණ දුන්ගාල්පිටිය පොලිස් වසම යනු සැබැවින්ම අවදානම් කලාපයෙකි.
පෑලියගොඩ කේන්ද්‍රකොට ගෙන වැඩි ආසාදිතයන් පිරිසක් පසුගිය දිනවල දුන්ගාල්පිටිය පොලිස් වසමෙන් වාර්තා විය.මීගමුව් ප්‍රධානතම ධිවර ලෙල්ලම් 3 ක් පිහිටා ඇත්තේද මේ කලාපය තුලය.
කෙසේ වෙතත් රජය විසින් විධිමත් ලෙසින් කිසිදිනකවත් ප්‍රකාශයට පත්කර නොතිබුණද මේ පොලිස් වසමේ ඇති අවදානම් තත්වය සලකා එය හුදකලා කිරිමට පසුගිය කාලය තුල පොලිසිය කටයුතු කර තිබුණි.,එහෙත් පසුගිය අගහරුවාදා දිනයේ සිට මේ හුදකලා භාවය ඉවත් කරන්නට යෙදුණි,
තත් එසේ වුවද ඊයේ දිනයේද ආසාදිතයන් 8 දෙනෙකු දුන්ගාල්පිටිය පොලිස් වසමෙන් වාර්තාවි තිබුණි.මෙසේ වාර්තා වු ආසාදිතයන් 8 දෙනාම සෙත්තප්පාඩුවේ පදිංචිකරුවෝ වෙති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here