හුලං අත බලා රුවල දාන ලංසා මේ දොඩවන්නේ මොනවාද ?

0
142

රාජ්‍ය ඇමති නිමල් ලංසා පසුගිය දිනක ගෑස් ප්‍රශ්ණය ගැන පුපුර පුපුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් යළිත් වරක් මයික් ටයිසන් වෙන්න යයි. සිය දේශපාලන හාම්පුතා වන බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඒම සම්බන්ධයෙන් වැඩියෙන්ම තව්සන් ටෝක් දුන්න කෙනා වන්නේ ද වෙනින් කව්රුවත් නොව නිමල් ලංසාමය.,
ඔහු එදා කිවේ බැසිල් පැමිණි විට සහන රැසක් ලැබෙන බවය.
සහන කෙසේ වෙතත් ජනයාට පිඩනය දරාගත නොහැකිව ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් හූ කියන තත්වයට පත්ව තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසන්න රණතුංගද මේ හුවෙන් පච වු අයෙකු ලෙසින් දැන් ප්‍රකටය.
නිමල් ලංසා ඇත්තටම දැන් බිය වි ඇතැයි සිතෙන්නේ මේ හුවට විය යුතුය. අනික ලංකාවේ නන්තල ඉතා ඉහලින්ම සමරන නගරයක් වු මිගමුවේ ජනයා පසුගිය කාලය තුල ගෑස් නැති කමින් දැඩි පිඩාවකට පත්ව සිටි.

මිගමුව කාටානේ ගෑස් පෝලිම්


දිනපතා පෝලිම් වල ලගය.
ලංසා මාධ්‍ය ඉදිරියේදි යළිත් වරක් සංදර්ශනයක් දාන්නේ මේ පසුබිම තුලය.

“දැන් ගෑස් නෑ වගේම..මිනිස්සු පෝලිම්වල ඉන්නවා වගේම..ගෑස් එක අරන් ගියාම පුපුරනවා. ලිට්‍රෝ සභාපති බයිලා ගහනවා. නියමිත පරිදි ගෑස් ටික සපයන්න. නැතිනම් තනතුර දලා යන්න පුළුවන්. මිනිස්සු ගෙවල්වල ගිනිගන්නවා.. සභාපති මාධ්‍යවල හිනා වෙනවා. ඔය සභාපති ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් ගහලා එළවන්න ඕනේ.”

“සමහර ආයතනවලට වගකීමක් තියෙන අය පත්කරලා නෑ කියලා තමයි අපිට පේන්නේ. වගකීමක් භාර ගත්තා නම් වගකීම ඉටුකරන්න. එක එකාට බෝල පාස් කරලා හරියන්නේ නෑ.”

අපි තනතුරුවලට බයේ තනතුරු ආරක්ෂා කරගන්න වැඩ කරන අය නෙමෙයි. තනතුරු අතහැරලා යන්න අපි සූදානම්. අපි මේක ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක්. ඒකට ඇහුන්කන් දෙන්නේ නැත්නම් අදාළ පාර්ශ්ව.. ඒ අයට විරුද්ධව ජනතාව එක්ක පෙළගැහිලා ඒ අයව එළවනකම් නතතුරු අතහැරලා කටයුතු කරන්න අපි සූදානම් කියන එක කියනවා.”

“මුතුරාජවෙල පවරා ගැනීම..අලුතෙන් ගහපු ගැසට් එක වහාම අවලංගු කරන්න ඕනේ. අපේ තීන්දු ගනන් ගන්නේ නැතුව ඉන්නවා නම් මේ තනතුරු වරප්‍රසාද අතහැරලා.. වාහන භාරදීලා මිනිස්සු එක්ක හිටගෙන සටන් කරනවා.”
රාජ්‍ය ඇමති නිමල් ලංසා


අයවැයෙන් පසු විදේශ ගතව සිටි නිමල් ලංසා ලංකාවට පැමිණියේ නත්තලටත් පසුවය. ඔහු දැන් ජනතාව ඉදිරියට හූවෙන් බේරි යන්නට නම් මයික් ඉදිරියේ කිඹුල් කදුළු හෙළිය යුතුවම ඇත.


කවදත් හුලං අත බලා රුවල් දැමු නිමල් ලංසා කිසි දිනක ජනතාවාදියෙකු ලෙස පෙනි සිටියේ නැත බව ඉතා පැහැදිලිය.
සිරිසේනටත් රනිල්ටත් කාන්තාවන් ඉදිරියේ පවා ලැජ්ජා නැති විදියට කථා කළ නිමල් ලංසා 2015 ආණ්ඩුව පිහිටවු පසු සිරිසේන අගයමින් මිගමුවේ පෝස්ටර් ඇලෙව්වේ අපේ සභාපතිතුමාට සුබපතනවා යැයි සදහන් කරමිනි. ඒබැවින් ලංසා කව්දැයි මිගමුවේ දේශපාලන සතුන් ඉතා හොදින් දනි.
ඔහු කවදත් ජාමේ බේරාගැනිමට කලිසම වුවත් ලැජ්ජාවකින් තොරව ගලවා දැමිමට උපන් හපනෙකු බව ඔහු‌ගේ දේශපාලන ජිවිතය තුල වඩාත් හොදින්ම පෙන්නුම් කර තිබේ.
ඉතින් 2 + 2 += 4 වෙනවා සේම ලංසාට දැන් කළ යුතුව ඇත්තේ ගැස් පොලිම් පිටි පෝලිම් සහන නැතුව ලතවෙන ජනයාගේ හූවෙන් බේරිමට යළිත් කපටියාට ඇදිමටය.


පාස්කු ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් වැඩියෙන් නාහෙන් ඇඩු දේශපාලකයා වුයේද නිමල් ලංසාමය.එහෙත් දැන් නිමල් ලංසාට පාස්කු ඉරුදින බෝම්බයෙන් පිටත පත් ජනයාගේ කදුළු අමතකය.,
නිමල් ලංසා යැයි කියන්නේ කපටිකමට කියන තවත් නමක් මිගමුවේ ජනතාව නම් දැනගෙන බොහෝ කල්ය.