හුළං අත බලා රුවල දාන ලංසලා…

0
694

වැඩියෙන්ම දූෂිත වැඩ කරන දේශපාලකයන්ට බලය තියෙන පැත්තේ හයිය නැතුව ජීවත් වෙන්න බෑ.හරියට මාළුවට වතුර නැතුව ඉන්න බෑ වගේ. මේ දුෂිත දේශපාලකයන් ගැන ලංකාවේ තියෙන හොඳම උදාහරණය වෙන්න ඇති ලංසා පවුල.

⁣⁣ජෙයරාජ්ගේ අතේ එල්ලිලා ජාතික දේශපාලනයෙන් උදව් උපකාර අරගෙන දේශපාලන ගමන හදාගත්තු නිමල් ලංසා ,ජෙයරාජ් මැරුණට පස්සේ එකතුවුනේ කා එක්කද ? බැසිල් එක්ක.ජෙයරාජ් ගම්පහ දේශපාලනයෙන් ඉවත් කිරිමත් බැසිල්ලාගේ ආගමනයත් ගැන දේශපාලනය ගැන ඉවක් ඇති ඕන කෙනෙක්ට තේරෙනවා වුනේ මොකක්ද කියල.

කොයිතරම් දුෂ්ඨද කියල කියනව නම් තමන්ට ජාතික දේශපාලනයට එන්න උදව් කරපු මනුස්සයාගේ නෝනාටත් කොයිතරම් නම් දේශපාලන කෙණහිලි කම් කළාද මේ ලංසාලා..

රාජපක්ෂත් එක්ක එකතු වෙලා ප්‍රකෝටිපතියන් වුන ලංසාලා 2015 කොහොමද රනිල්ටත් ,සිරිසේනටත් බැන්නේ .කොයිතරම් කුණුහරුප කතා කිව්වද?

පස්සේ සිරිසේන ජනාධිපති වුනාම මෙන්න බොලේ ලංසා ගහනව මිගමුවේ පෝස්ටරයක් ජනපති සිරිසේනට සුබ පතල .

ඒ විතරක්ද යහපාලන කැබිනට් එකේ ඇමතිකමකුත් ගන්නවා රාජිතගේ පස්සේ ගිහිල්ලා.

දැන් කොහොමද කරණම.

දැන් පොහොට්ටුව Vs ලංසා වගේ .රනිල්ගේ හොදම ගෝලයෙක් වෙලා ජනාධිපති මැදු⁣රෙම පදිංචි වුනා.

දැන් මල්ලිත් රනිල් තමයි ෂුවර් ජනාධිපති කියල පාරට බැහැල..

අපේ A/L පංති භාර ගුරුතුමා එදා කිව්වේ දේශපාලනය කරන්න ඌරු කටකුයි ,බූරු පිටකුයි තියෙන්න ඕන කියල..

ඇත්ත මිගමුවේ අය දන්නව ඌරා කණ හැටි..