හෘද සාක්ෂියක් ඇති පුරවැසියන් ඔ්නෑකර තිබේ.

0
150
හෘද සාක්ෂියක් ඇති මිනිසුන් මහපාරට අරගලය ගෙන එමින් සිටිති.
සිය විරෝධය තනි මිනිසෙකුට වුව පළ කළ හැක.
ගිය ඉරීදා පෙරවරුවේ  මිගමුවේ පෙරියමුල්ල ගමේ තනි මිනිසෙකු සිය විරෝධය ආරම්භ කර තිබුනේ පුටුවක් මත ඉදගෙන විරෝධතා පුවරුවක් ප්‍රදර්ශණය කරමිනි.
රටේ පවතින අමන පාලනයට එරෙහිව කාගේවත් ඉල්ලිමකින් තොරව මිගමුවේ ඇරඹි පළමු විරෝධය ලෙස මෙය සටහන්ව තිබේ.

පක්ෂ හෝ පල්ලි ඒසේත් නැතිනම් රාජ්‍ය නොවන සංවිධාන වල පෙළඹවිමකින් ඉල්ලිමකින් තොරව මිනිසුන් පාරට එන්නේ නම් ඒ් හෘද සාක්ෂියක් ඇති ගැහැණුන් සහ මිනිසුන්ය.
මේ අමන පාලකයන්ට එරෙහිව අදත් හෙටත් පාරවල් වලට සැබැවින්ම පැමිණිය යුතු ව ඇත්තේ හෘද සාක්ෂියක් ඇති පුරවැසියන්ය.
මිගමුව පෙරියමුල්ලේ ජුඩ් ප්‍රනාන්දුට තිබුණ ඒ හයිය රටේ අර්බුදය පෝලිම් ගැන භාණ්ඩ හිගය ගැන දේශපාලන පොරටෝක් දෙමින් මුකුත් නොකර ගෙදර වි සිටින කයිය පප්ලාට මරුම කනේ පහරයකි.
දැන් ජුඩ් ගේ මේ ආරම්භයතු ඉදිරියේදි තවත් විරෝධතා කිපයක්ම සංවිධානය වෙමින් අතැයි මිපුර වෙබ් අඩවියට දැනමත් වාර්තා වි තිබේ.