හෘද සාක්ෂිය මැරි ඇත්තේ රටවැසියාගේ පමණක්ද ?

0
274

ලංකාව තුළ ලොකු කුඩා පරිමාණයෙන් සිදුවන දුෂණය, හොරකම, බොරුව  හේතුවෙන් රටෙහි ප්‍රගතියට බාධාවක් නිසා පුද්ගලයන්ගේ පමණක් නොව මුලු මහත් ශ්‍රී ලංකාවෙහිම හෘද සාක්ෂිය මිය ගොස් ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පසුගිය පවසා  තිබුණි

“හෘද සාක්ෂිය තමයි අපිට පෙන්වන්නෙ හරිදේ කරල දෙවියන් වහන්සේටත් , අසල් වැසියාටත් ප්‍රේම කරන්නට, අපි වීරෝධාර විය යුත්තේ ඇයිද කියල. අද හෘද සාක්ෂියක් අපිට තිබෙනවාද ? හුගක් වෙලාවට මරල නේද තියෙන්නෙ. බලන්න මාධ්‍යවල ප්‍රචාරය වන දේවල්. හැමදාම වගේ තියෙන්නෙ මිනී මැරුම්, හොරකම්,දුෂණ , අපරාධ තමයි.

මේ අපේ රට ධර්මද්වීපයක් කියා කිව්ව. ආගම් අදහන මිනිස්සු ඉන්න රටක් කියා අපි පම්පෝරි ගැහුව. අනෙක් රටවල් ඉදිරියේ අපි ආගම හරියට අදහන, ආගම ව්‍යවස්ථාවේ දාල තියෙන දෙයක් විදියට අපි හැඳින්වූවා.විදේශ රටවල ව්‍යාවස්ථාවට ආගම ඇතුල් කර නැහැ. නමුත් අප රටේ ආගම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්ව තිබෙනව. අපි ආගම ගැන පාරට්ටු කර ගත්තත් අපේ සමාජය තුල මේ ඇතිව තිබෙන තත්ත්වයට හේතුව කුමක්ද ?හේතුව අපේ රටේ වගකිව යුත්තන් පමණක් නොව සෑම කෙනෙක්ම වාගේ තමන්ගේ හෘද සාක්ෂිය අමතක කරල එයට විරුද්ධව කටයුතු කිරීමට පුරුදුව සිටීමයි. හුගක් දෙනෙකුට හරිදේ වැරදි දේ අතර වෙනස දැන් පෙනෙනේ නැහැ. ඒ නිසා අද සමාජය තුල වැරදි දේ කරන්නට මනුෂ්‍යයා පෙළැඹී සිටින්නෙ.

මේ අතර ඇතැම් ප්‍රගතිශිලි කිතුනු සමාජ ක්‍රියාකාරින් ප්‍රශ්ණ කර සිටින්නේ හෘද සාක්ෂිය මිය ගොස් ඇත්තේ රටවැසින්ගේ පමණක්දැයි කියාය. එසේ ප්‍රශ්ණ අය විසින් අගරදතුමන් ඇතුළු බහුතරයක් කිතුණු පුජකයන් වෙතද ඇගිල්ල දිගුකරමින් කියා  සිටින්නේ පසුගිය කාලය තුල ඒ සියළු දෙනාවද නිහඩව සිටි අතරේ වරින් වර මාධ්‍යයට පැමිණි ජනප්‍රිය කථා කරමින් සිටින බවය