හෙට දවස වෙනුවෙන් අද දවස කැප කිරීමේ පාඩම පාසැලේ පංති කාමරයෙන් ඇරඹේ.!.

0
268

st.Anns 6 st.anns 10

 

වයස අවුරුදු 29 ක තරුණයෙකු පසුගිය 21වනදා මීගමුව පොලීසිය විසින් පෝරුතොටදී අත්අඩංගුවට ගත්තේ හෙරොයින් සහ හෂීස් නම්වූ භයානක මත්කුඩු විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදීය.එහි වටිනාකම රු. 8000/ත් 10,000, අතර බව පොලීසිය සඳහන් කරන ලදී. මේ ආකාරයෙන් අවස්ථා ගනනාවකදී මීගමුව සහ අවට අනෙකුත් පොලීසි වලින් මත්කුඩු අලෙවි කරන්නන් ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට ගෙන ඇත. නමුත් තරුණ පිරිස් වැඩි වැඩියෙන් මුදල් සෙවීමේ පහසු මාර්ගයක් වශයෙන් මෙම සමාජ විරෝධී ක්‍රියාවේම යෙදී සිටිති. රාත්‍රි අඳුර වැටෙනවිට මීගමුව අවට පාරවල්වල , හුදෙකලා පාළුවට ගිය ස්ථානවල නිතර සැරිසරමින් කල්ලිගැසී මතුකුඩු පානය කරන තරුණ පිරිස් දැකගතහැක. මේ අනුව මතුකුඩු උවදුර අද ලාංකීය සමාජය පෙළන ප්‍රධාන ප්‍රශ්ණ අතුරින් එකක් බවට පත්වී ඇත.St.Anns 9st.Anns 8st.Anns 3

මෙම ව්‍යසනය සම්බන්ධව රජය විසින් විවිධ අංශ හරහා විවිධ වැඩසටහන් රටතුළ ක්‍රියාත්මක කරයි. නියෝජ්‍ය පොලිස්පති තුමා වන දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව පාසැල් මට්ටමින් හෙටදවස නමින් වැඩසටහනක් දියත්වන අතර අදදින(26 දා) මෙම සමාජ සත්කාරය සිදුවූයේ මීගමුව, දළුවකොටුව ,ශාන්ත ආනා මහ විද්‍යාලය සහ කොච්චිකඩේ පොලීසියේ මෙහෙයවීමෙනි. මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ මහතා ඇතුළු කොට්ඨාශ භාර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රා පද්මලාල්, ප්‍රජාපොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහන ද සිල්වා, කොට්ටාශ ප්‍රජා පොලිස් ස්ථානාධිපති පී.. ජයතිලක , දළුවකොටුව ශාන්ත ආනා මහ විදුහළේ විදුහල්පති කේ. බී නිව්ටන් ප්‍රනාන්දු යන නිලධාරි මහතුන් කිහිපදෙනෙක්ම සහභාගී විය.St.Anns 2st.Ans 1

මෙහිදී උත්සව සභාව අමතමින් ප්‍රධාන ආරාධිතයා වූ චන්දන අතුකෝරල මහතා ප්‍රකාශ කළේ බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහනට අනුව මාස 4ක කෙටි කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල්වල ලක්ෂ දෙකක් පමණ සිසුන් 30,000ක ප්‍රමාණයක් දැනුවත් කර ඇති බවයි. මේ සඳහා සම්පත්දායකයින් ලෙස විශ්‍රාම ගිය රජයේ නිලධාරීන් , ගුරුවරුන් වැනි නිලධාරීන් විශාල ප්‍රමාණයක් මැදිහත්වී සිටීම අගයකළ යුතු සේවාවක් බව පැහැදිළි කරන ලදී. මේ අනුව දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසා සියළු දෙනාගේ සහයෝගයෙන්, දෙමව්පියන්වද දැනුවත් කරමින් මෙම වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයන බව අතුකෝරල මහතා තවදුරටත් පැවසීය.

මෙදින ප්‍රධාන කර්තව්‍ය ලෙස පැවති සිසු දරුවන් දැනුවත් කිරීමේ කටයුත්ත හෙටදවස වැඩසටහනේ සම්පත්දායකයින් විසින් පන්ති 26කදී සිදුකරන ලදී. මෙම සම්පත් දායකයින් විශේෂ දක්ෂතා ඇති විශ්ව විද්‍යාල කථිකාචාර්්‍යවරුන් යටතේ පුහුණුව ලැබූ අයයි. ඔවුන් කරන සමාජ මෙහෙවර තුළ දරුවන්ගේ අනාගත ජීවිතයට යහපත් ගුණාංග එකතුකර ගැනීම සදහා යම් පිටුවහලක් ලැබෙන බව පැහැදිළිය. කෙසේ නමුත් කොච්චිකඩේ පොලීසියත් , දළුවකොටුව ශාන්ත ආනා විදුහලත් මැදිහත්ව සූදානම් කරනලද මෙම වැඩසටහන අගය කරන අතර මේ සඳහා මැදිහත්ව කටයුතු කරන සියළු දෙනාට ඉදිරියට යාම සඳහා අවශ්‍ය ශක්තිය සහ ධෛර්්‍ය පතන්නෙමු.