හෙට මීගමුවේ හර්තාල් ???

0
88

NGB hospital 1මීගමුව රෝහල මධ්‍යම රජයට පවරාගන්නා ලෙසත් එහි පිළිසකර කිරිම් කඩිනම් කොට මීගමුව හා අවට ජනයාට එහි සේවය කාර්යක්ෂමව යළිත් ලබාදෙන ලෙසත් ඉල්ලමින් හෙට දිනයේ මීගමුව රෝහල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් සිදුකිරිමට මීගමුව රෝහල සුරැකිමේ කමිටුව විසින් තින්දු කර ඇත.
කෙසේ වෙතත් පසුගිය කාලය තුල මීගමුව රෝහල මධ්‍යම රජයට පවරා නොදි බස්නාහිර පළාත් සභාව යටතේ තබාගෙන ඇත්තේ මහඇමතිවරයාගේ දේශපාලන වාසි තකා යැයි චෝදනාවක්ද මේ දිනවල බරපතල ලෙසින් මතුව එමින්  තිබේ.
පසුගිය ඉරුදින මීගමුව හා අවට සියළුම දේවස්ථානවල දිව්‍ය පුජා යාගය අවස්ථාවේදිද හෙට පවත්වන්නට යන විරෝධතාවය ගැන දැනුම් දි ඇති අතර කිතුණු බොදුනු හින්දු සහ මුස්ලිම් සියළු ජනයා මේ හා එක්වනු ඇතැයි විශ්වාස කරන බව සංවිධායකයෝ පවසති.
මෙහි සංවිධායකයෙකු මීපුර වෙබ් අඩවියට පවසා සිටියේ හෙට දිනයේ මෙම විරෝධතාවයට සහය පළකරමින් මීගමුවේ සියළුම කඩසාප්පු වසාදැමිමටද තින්දු කර ඇති බවය.