හෙට සිට මීගමුවේ නිළනොවන නගරාධිපති දායන් ලංසාද ?

0
225

දයාන් 4මසක පමණ කාලයක් සදහා වන නියෝජ්‍ය නගරාධිපතිධුරයක් වෙනුවෙන් මෙසා විශාල උත්සවයක් සංවිධානය කිරිම පිටුපස ඇති සැගවුණ පණිවිඩය කුමක්ද ?
නගර සභාවේ සේවකයන්ව රාජකාරිමය වශයෙන් අත්සන කොට තිබියදි දේශපාලන රැස්විමකට අද දිනයේ සම්බන්ධ කරගෙන තිබුණි,
පියතුමන්ලා මෙන්ම භික්ෂුන් පිරිසක්ද වේදිකාවේ විය.
ඒ සැම පැමිණ ඇත්තේ දායන් ලංසාගේ දේශාපාලනයට ආශිර්වාදය කරන්නට යැයි සරත් ගුණරත්න හිටපු නියෝජ්‍ය අැමතිවරයා කියා තිබුණි.
කෙසේ වෙතත් මේ සියළු මල්පෝච්චි තොරණ් අස්සේ ඇමති නිමල් ලංසා විසින් දෙන්නට බලා සිටි පණිවිඩය වුයේ මට වත්තල මල්ලිට මීගමුව යන්න නොවේද ?
සරත් ගුණරත්න මහතා අවසනාව සැමදා ඔහුව ලුහුබැද දැන් තිරාණාත්මක ලෙසින් පරාජිය කරදමන්නට සියළු ඉරණම් සකස් වෙමින් තිබේ.
ඒ පසුබිම යටතේ දායන් ලංසා විසින් මහනගර සභා කාර්යාලය තුල තමන්ගේ තැන පිලිවෙලට හදාගන්නට පසුගිය දිනවල ගත් උත්සාහය තුල ගැබ්වු පණිවිඩය කුමක්ද ?
එය ඉදිරි දින කිහිපය තුලදි අපට දැක බලාගතහැකි වනු ඇත.
පළාත් පාලනය භාවිතාව තුල නම් නගරාධිපතිවරයෙකු පාලනය තුල සිටින පසුබිමක නියෝජ්‍ය නගරාධිපතිධුරය යනු තවත් එක් තනතුරක් පමණි.
තතු එසේ වුවද මීගමුව තුල ක්‍රියාත්මක නොවන්නේද පළාත් පලාන ක්‍රියා පටිපාටියයි.
එසේ නම් මේ සියල්ලෙන් කියැවෙන්නේ හෙට සිට මීගමුවේ නිළනොවන නගරාධිපති දායන් ලංසා බවද ?