හෙදියන් සූත්‍රිකා පුහුණුව ලබනවාට විණ කපන වෛද්‍ය ලොක්කෙක් ගම්පහ

0
168

මේ දින වල පවුල් සෞඛ්‍ය සේවිකාවන්  විසින් වැඩවර්ජනයක් සිදුකරනු ලබයි. නමුත් මෙම වැඩ වැරුම  ප්‍රකාශිතව සිදුනොවන අතර එය  විවිධ තැන්වල විවිධ ආකාරයට පුද්ගලයන්ට ඕනෑ ලෙස සිදුවෙන බව තොරතුරු අනුව පෙනී යයි.  හෙදියන් සූත්‍රිකා පුහුනුව ලැබීමට විරෝධය දක්වමින් සිදුවන මෙම  වැඩ වැරුම දැන් දින දෙකක් තිස්සේ ක්‍රියාත්මක වේ. මේ සඳහා අනුබල දෙන එක් කණ්ඩායමක් වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බව හෙද වෘත්තීය සංගම් සාමාජිකයන් චෝදනා කරති. හෙට පැවැත්වීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍ය සායන නොපැවැත්වීම වෙනුවෙන් එක්තරා වෛද්‍ය නිලධාරියෙකුගේ නියෝගය අනුව කටයුතු සිදුවන බව මේවන විට වාර්තා වේ. මධ්‍ය සායන  පැවැත්වෙන්නේ එම්.ඕ.එච් කලාප තුළ  සායන වලදී වන අතර  ඒවා මව්වරුන්ගේ හා බිලිදන් සඳහා පැවැත්වෙන විශේෂ සායනයකි. මේ වන විට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පැවැත්වීමට නියමිත සියලූම මධ්‍ය සායන නැවත්වීමට ගම්පහ ප්‍රා. සෞඛ්‍ය සේවා කාර්යාලයේ ,මාතෘ හා ළමා වෛද්‍ය නිලධාරීවරයා වන වෛද්‍ය තිලක් උදයසිරි මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වී  තිබේ.images
එම සායන සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහභාගී නොවුණත් පුහුණු හෙදියන් යොදවා එම සායන පැවැත්වීමට හැකියාව ඇතත් එය සිදුනොකිරීමට පරිපාලන තනතුරු දරන වෛද්‍යවරුන් කටයුතු නොකරන්නේ  පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහය පළකිරීම පිණිස බව හෙද වෘත්තීය සංගම් සාමාජිකයන්  සහ ඇතැම් වෛද්‍යවරුන්ද චෝදනා කරති.