හෙද නිලධාරින් 70 කට කොරෝනා ! – සමන් උපරිම සංචරණ සිමා පැනවිය යුතුයි ! – උපුල්

0
58

මේ වන විට රට පුරා හෙද නිලධාරීන් හැත්තෑවකට අධික සංඛ්‍යාවකට කොවීඩ් වසංගතය ආසාදනය වී සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඒ අනුව ත්‍රිකුණාමලය රෝහලෙන් 17ක්, රාගම රෝහලෙන් 8ක්, කෑගල්ල රෝහල‍ෙන් 4ක්, කුරුණෑගල රෝහලෙන් 3ක්, කරාපිටිය රෝහලෙන් 4ක් ආදී ලෙස දිවයින පුරා රෝහල්වලින් එම පිරිස හඳුනාගත් බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර කොරොනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ උපරිම සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මුළු රටම ලොක්ඩවුන් කිරීමට නොහැකි නම් අඩුම තරමින් පළාත් අතර සංචරණ සීමා පනවමින් හෝ ජනතාව ආරක්ෂා කරගැනීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා ඇත.

එලෙස සිදු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයකට රට පත් වනු ඇතැයි ද රෝහණ මහතා සඳහන් කරයි.