හෙද සොහොයුරියන්ගේ විභාග ප්‍රථිපල වලින් මීගමුවටත් ඉහල තැනක්

0
47

රෝහල් සේවයේ හෙද සොහොයුරියන්ගේ තනතුරු සදහා පැවැත්වෙන විශේෂ විභාගයකින් සමත් වන 100 දෙනෙකු පමණක් අදාල තනතුරේ පිහිටුවා ලිමට ඇති පසුබිමක මෙම විභාගය ඇත්තටම තියුණු තරග විභාගයක් විය.
 මීගමුව රෝහලේ සේවයේ නියුතු හෙදියක්ද මේ තරග විභාගයෙන් ඉහලින් සමත්ව 100 දෙනා අතරට පැමිණ ඇත.
ශ්‍රිලංකාවේ විභාග ක්‍රමය අර්බුදයට පත්ව ඇතිවා සේම එහි හෙවනැල්ල මේ තරග විභාගයටද වැටි ඇතැයි ඇතැමුන් චෝදනා කරන්නට පටන් ගෙන තිබේ. ඒ අය කියා සිටින්නේ මේ විභාගයෙන් ඉහලින්ම සමත්ව ඇති ඇතැම් හෙදියන් අතර සෞඛ්‍ය වෘත්තිය සමිති ක්ෂේත්‍රයේ ප්‍රධානින්ගේ කිට්ටු ඥාාතින් සහ හිතවතුන් බහුතරයක් සිටින බවය.ඉන් ඇගවෙන්නේ මේ විභාගයේද ප්‍රශ්ණ පත්තර කලින් පිටව ඇති බවද ?