හෙල්ප්ලංකා ආයතනයේ ශ්‍රීලංකා සංචාරය මෙවරත් !

0
138

18425622_10155047553621014_240335438_n හෙල්ප්ලංකා (Helplanka )ආයතනය බ්‍රිතාන්‍යයේ අනුමත පුණ්‍ය ආයතනයකි.
70 දශකයේදී බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ මාරවිල ප්‍රදේශයේ ගුණතිලක පවුලේ සාමාජික සාමාජිකාවන් විසින් ශ්‍රී ලංකාවට සහය දැක්වීම සදහා ස්ථාපිත කර ඇති මෙම ආයතනය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ පාසල් දරු දැරියන් වෙනුවෙන් විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් සිටියි.

තෝරාගනු ලැබූ පාසල් කීපයක දරු දැරියන් සදහා වාර්ෂිකව විශේෂ අධ්‍යාපන ආධාර සපයන හෙල්ප්ලංකා ආයතනය තවත් අනාත දරුවන් ජිවත්වන ළමා නිවාස කීපයකටම ද්‍රව්‍ය ආධාර ලබාදෙයි.

බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙලේ පාසලක් සමග අනුබද්ධවී කටයුතු කරන මෙම ආයතනය තම වැඩසටහන් ක්‍රියාත්මක කරන පාසල්වල දරු දැරියන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිකිරීම සදහා මෙහෙයවනු ලබන වැඩසටහන් විශේෂයෙන් අගය කල යුතුය.

මෙම වසරේද මෙම වැඩසටහන සදහා හෙල්ප්ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂක සැම් ගුණතිලක ඇතුළුව ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ජුලි මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
සති දෙකකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ රැදී සිටින ඔවුහු මිනුවන්ගොඩ කලාවන ඩි. ඇස්.සේනානායක කනිෂ්ට විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා විශේෂ වැඩසටහන් කීපයක් සමග මාරවිල සාන්ත සේවියර් මහා විදුහලේදී ශිෂ්‍ය නායක පුහුණු වැඩසටහනක් සහ තෝරාගනු ලැබූ ළමා නිවාස කීපයකටම විශේෂ ද්‍රව්‍ය ආධාර ලබා දීමට නියමිතය.

අරුණ ශාන්ත නෝනිස්

Save

Save