හෙල උරුමයේ වැරදි අර්ථකතනයට සුමන්තිරන්ගෙන් පිළිතුරු

0
109

ඊයේ යාපනයේදී උසාවිය අවට , කයිට්‌ස්‌ පාසල් ශිෂ්‍යාවකට අතවර කර ඝාතනය කළ සැකකරුවන් නව දෙනාට දඩුවම් කිරීම සඳහා බල කරමින් විශාල ජනතාවක් උද්ඝෝෂණයේ නියලුන අතර  විරෝධතාකාරුවන් 127 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා විය. විරෝධතාකරුවන් නීතිය මගින් මඩිනු ලැබූවද එම විරෝධතාවයේ හරය  මහජනතාවගේ  කැළඹිල්ල හා සාධාරණය කෝපය වූ බව ඊයේ රාත්‍රියේ දී ඒ සම්බන්ධයෙන් පළවූ ෆේස් බුක් ප්‍රතිචාර වලින් පැහැදිලි විය. සමහරුන් පළකර තිබුණේ දකුණේදී නම් සමහර විට මෙහි අනිත් පැත්තද සිදුවූ අවස්ථා තිබුණ බවයි.  තතු එසේ තිබියදී යාපනයේ යාපනයේ සිදුවූ මෙම විරෝධතාවයට විකෘති අර්ථකතනයක් සපයමින් ජාතික හෙළ උරුමය විසින් ප්‍රකාශ කර ඇත්තේ  මෙය සිංහල ජාතියට තර්ජනයක් වන නිමිත්තක් බවයි. මෙම ප්‍රකාශයට පිළිතුරු බැද ඇති  දෙමළ ජාතික  සන්ධානයේ නියෝජිත සුමන්තිරන් මහතා පවසා ඇත්තේ ඊයේ (මැයි 20) යාපනයේදී සිදුවූයේ තිරිසන් ස්ත්‍රී දූෂණයට එරෙහිව  නැගුන ජනතා උදහස්වීමක් මෙන්ම ඔවුන්ගේ කෝපය ප්‍රකාශයට පත්වීමක් විණා කිසිදු ජාතිවාදී පදනමකින් කෙරුණ නැගීසිටීමක් නොවන බවයි. ඒමෙන්ම යාපනයේ ජීවත්වන කිසිදු සිංහල ජනතාවක් අරමුණු කරගෙන කිසිවක් එහි සිදු නොවූ බව තවදුරටත් සුමන්තිරන් මහතා ප්‍රකාශ කර ඇත.

http://thecolombopost.net/?p=134681jaff-2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here