හේමාස්ලා ,ආසිරිලා ”ලේ ”වලට මීගමුවේදි හැප්පෙති….

0
72

එකම ගොඩනැඟිලි පරිශ්‍රයක වෙන්ව පවත්වාගෙන යන ආසිරි සහ හේමාස් රෝහල්වල වෛද්‍ය රසායානාගාර සේවාව මීගමුවේ දි ද්වන්ධ ව්‍යාපාරික සටනකට පිවිස ඇති බව වාර්ථා වේ.
ඒ අයකරන මුදල් සම්බන්ධයෙනි.
මීගමුවේ සමාජ ප්‍රශ්ණ ගැන උනන්දුවෙන් සිටින පුරවැසියෙකු පසුගිය දිනක අප වෙබ් අඩවිය අමතා පවසා සිටියේ ඩෙංගු පිළිබද පරික්ෂණයක් සදහා හේමාස් ආයතනය තමන්ගෙන් 100% මුදලක් ආසිරි රසයානාගාරයට වඩා වැඩියෙන් අයකර ඇති බවය.
තමන්ගේ හිතවතෙකුගේ දරුවෙකු වෙනුවෙන් ආසිරි රසායනාගාරයේ සිදුකර ඇති පරික්ෂණය සදහා රු 1000 ක් අයකර තිබියදි එම පරික්ෂණයම සදහා හේමාස් ආයතනය විසින් රු 2000 ක් අයකර තිබේ.
මේ සම්බන්ධයෙන් අප හේමාස් රසායනාගාරයේ මීගමුව කළමණාකාරවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ ආසිරි රසායනාගාරය මීගමුවේදි තමන්ට ව්‍යපාරික තරඟයක් දිම සදහා මේ ඩෙංගු පරික්ෂණය සදහා මෙසේ මිළ හරි අඩකින් අඩුකර පවත්වාගෙන යන බවය.
කෙසේ වෙතත් තම ආයතනයද මීගමුවේ රෝහලෙන් ලැබෙන මෙම ඩෙංගු පරික්ෂණය සදහා රු 1000 ක් සහන මිළක් පවත්වාගෙන යන බවද දන්වා සිටියේය.
මේ කිසිත් නොදන්නා පාරිහෝගිකයා හේමාස් වෙත පැමිණ සිදුකරනු ලබන පරික්ෂණයේදි මේ ව්‍යාපාරිකයන්ගේ තරඟයට කිසිදු සම්න්ධයක් නැතිවම රු 1000 ක් වැඩිපුරගෙවිම අසාධාරණ නොවේදැයි අප කළ විමසුමට ඔහු පිළිතුරු සපයා සිටියේ නැත.
මේ ව්‍යාපාරික සටන් පටන් ගත්තා පමණි.
තවත් ලොකු ආයතන මීගමුවේ වෙළඳ පොලට නොබෝ දිනකින් අවතිර්ණ වනු ඇත.
මේ සියල්ලෝම රෝගි ජිවිත මත පදනම්ව සිය ව්‍යාපාරික හැප්පිල්ල දියත් කරනු ඇත.lab bills