හොඳම වෙබ් වාර්ථාකරණයට හිමි සම්මානය ශ්‍රිලංකා මිරර් වෙත !

0
78

කැලුම්(8.00 pm ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ජනාධිපති මාධ්‍ය සම්මාන උළලේ හොඳම වෙබ් මාධ්‍ය වාර්ථාකරණය සම්බන්ධයෙන් වු සම්මානය ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වෙත හිමිව තිබේ.
අද පැවැති සම්මාන පිරිනැමිමේ උත්සවයේදි මිරර් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ කැළුම් සිවන්ත විසින් ජනමාධ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා අතින් මෙම සම්මානය ලබාගෙන තිබුණි.
අචාරධර්ම පදනම් කර ගත් වෙබ් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගිම  ප්‍රධාන අරමුණක් කොට ගත් ශ්‍රිලංකා වෘත්තිය වෙබ්මාධ්‍යවේදින්ගේ සංගමයේ ලේකම්වරයා වන්නේ ද ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවියේ කර්තෘ කැලුම් ශිවන්ත මහතාය.
මේ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුනේ ජනාධිපතිවරයා මාධ්‍ය සම්මාන උළෙවල් පැවැත්විමට පෙර ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ට යුක්තිය ඉටු කිරිමට මුලිකත්වය දිය යුතුව තිබෙන බවත් ඒ නිසාම මෙම උත්සවය වර්ජනය කිරිමට ඔවුන් තිරණය කර ඇති බවද එකි නිවේදනියේම සදහන්ව තිබුණි.