හොරා අල්ලගත්ත පොලීසියට ලොරිය සොයාගැනීමට නොහැකි වුනේ ඇයි?

0
97
      ජුලී මස 10 දින මීගමුව රීගල් හාඩ්වේයාර් ආයතනයට අයත් ලොරි රථයක් එහි සේවය කල රියදුරු විසින් පැහැර ගැනීමේ සිදුවීමක් අප වෙබ් අඩවිය විසින් වාර්ථා කරනු ලැබීය.
   මේ පිළිබඳව කල පරීක්ෂණ වලදී රියදුරු විසින් මෙම ලොරි රථය හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයෙකුට අතර මග භාර දී  ඇති බව සොයා ගැනුනි.එම පුද්ගලයා විසින් හම්බන්තොට නිවසකට රැගෙන ගොස් තිබෙන අතර පසුව එම නිවසේ තිබී ලොරි රථයට අයත්  ලියාපදිංචි සහිතික පත්‍රය හා ලියකියවිලි සොයාගත හැකිවිය.
   ලොරිරථය සොරාගත් පුද්ගලයා සොයා ගත් නොහැකිව තිබුනු අතර එම නිවසෙහි සිටි ඔහුගේ පියාව පසුගිය 21 දින මීගමුව උසාවියට ගෙන එන ලදි.
   අද දින ලොරි රථය සොරකම් කල පුද්ගලයා නීතිඥ මාර්ගයෙන් උසාවියට භාර වී ඇති අතර ඔහු විසින් පවසා ඇත්තේ තමට ලොරි රථය ගෙනත් දුන් රියදුරු නොහදුනන බවයි.මේ වන විට තමා ලග ලොරි  රථයේ නැති බවත් එහි තිබූ සිමෙන්ති කොට්ට 600 ලබා දීමට ඔහු එකඟ වී ඇත. මෙම නඩුව කල් ගොස් ඇති බව වාර්ථා වෙ.
 මෙම සිදුවීමට අදාලව සියලු සාක්ෂි සහිතව හොරු අල්ලාගෙන ඇති අතර ලොරි රථයේ ලියාපදිංචි ලියකියවිලිද සොයාගෙන ඇත. හොරු ඇල්ලූ නමුත් හොරකම් කල බඩු සොයාගත නොහැකිවූයේ කෙසේ දැයි ප්‍රශ්ණයකි. මෙම ලොරිය සොරකම් කල පුද්ගලයා හා රැගෙන ගිය රියදුරා වාහන සොරකම් රැසකට නම ගිය පුදගලයන් වේ. ඔවුන් විසින් වාහන සොරකම් කර කඩා    විකුණන  ජාවාරමක් ඇති බවද පොලීසියට තොරතුරු වාර්ථා වී ඇති බව රීගල් හාඩ්වේයාර් අයිතිකරුගේ පවුලේ කෙනෙකු  අපවෙත පවසන ලදි.
   හිටපු නීතිය හා සාමය පොලීසිය පිළිබඳ ඇමතිවරයාද මේ සිදුවීම පිළිබඳ දැනුවත් බවද වාර්ථා වන අතර සොරකමට ලක් වූ ලොරි රථයේ හිමිකරුද මීගමුව ප්‍රබල ඒජාප පාක්ෂිකයෙකි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here