හොරු ටික මාව අල්ලල හිරේ දැම්මා ! අධිකරණයට පැමිණි රන්ජන් කියයි !

0
181

රන්ජන් 11යහපාලනය බලයට ආවේ හොරු මෙන්ම මිනිමරුවන්ද අල්ලන පොරොන්දුව ඉදිරියට දමාගෙනය.ප්‍රජාතන්ත්‍රවාදය සදහා වු තවත් ප්‍රතිසංස්කරණ රැසක්ද ඒ පොරොන්දු අතර විය.
ඒවා ගැන යම් පමණකට ක්‍රියාත්මක වු යහපාලකයෝ හොරු ඇල්ලිම හෝ මිනිමරුන්ට දඩවුම් දිම හෝ එහෙම පිටින්ම මගහැර තිබුණි.
රන්ජන් වැනි උලත් එකයි පිලත් එකයි කියු දේශපාලකයෙකුට හොරුන්ට එරෙහිව තනි සටනක් දිමට සිදුව තිබුනේ මේ පසුබිම යටතේය.
කෙසේ වෙතත් රන්ජන් ඒ වෙනුවෙන් තෝරාගෙන තිබු ඇතැම් උපාය උපක්‍රම නිවරදිම ඒවාද යන ප්‍රශ්ණයද එසේම තිබියදි අද රන්ජන් රාමනායක නුගේගොඩ අධිකරණයට ගෙන ආ අවස්ථාවේදි මාධ්‍යවේදින් හමුවේ කියන්නට යෙදුන ප්‍රකාශය සැබැවින්ම බරපතල එකකි.
හොරු ටික මාව අල්ලල හිරේ දැම්මා .
ඒ ප්‍රකාශය යහපාලන නායකන්ගේද රෙදි ගැලවෙන තරම් සැර එකකි. සැබැවින්ම යහපාලන නායකයන් බහුතරයක්ද සිටියේ හොරුන් සමගින් විවිධ ඩීල් පිටය.
එහෙත් රන්ජන් දේශපාලනයට පැමිණිමටත් පෙර පටන් තිබුණ යුක්ති වෙනුවෙන් පෙනි සිටිමේ හා ඒ වෙනුවෙන් ඇත්තටම සටන් කිරිමේ ගුණය ගැන එදා වඩාත් නිවරදිව මේ සමාජයට කියා තිබුනේ ගාමිණි පොන්සේකාය.
එකෙක් හරි ජිවිතේ බල්ලට දාල ඇත්ත වෙනුවෙන් පෙනි සිටිමට ඉදිම ගැන ඔහු රන්ජන්ව එදා කදිමට අගයා තිබුණි.
රන්ජන් ඇත්තටම කළේ ජිවිතේ බල්ලට දමා ඇතැම් විට කටට බ්‍රේක් පවා නැතිව සටන් කිරිමට පෙරට ඒමය.
මේ සියළු යථාර්ථයන් එසේ තිබියදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නෙත් එෆ් එම් ආයතනයට දි තිබුන පිළිතුරක් තවත් මාධ්‍ය විසින් පවා පසු ගිය දිනක උපුටා දක්වා තිබුනි.
එහිදි විපක්ෂ නායකයා ලෙසින් සජිත් කියා තිබුනේ ඇත්තට පතෝල පිළිතුරකි.රන්ජන් ගැන මම කථාකරන්නවත් මම කැමැති නැ යයි ඔහු එහිදි කියා තිබුණි.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
රන්ජන් කොටු කිරිමේ සහ නිහඩ කිරිමේ රාජපක්ෂ කුමන්ත්‍රණයේ සජිත් ප්‍රේමදාස සිටින තැනද දැන් අපුරුවට ලකුණු වි තිබේ.
එවන් විපක්ෂ නායකයෙකු සිටින ලංකාවට දෙවියන්ගේම පිහිටය.
ඡායා-ලංකාදිපය