හොර පාස්පොට් සහිත විදේශිකයන්ව රකින අරුන්දිකලාට පුලුවන්ද සංචාරක ව්‍යාපාරය ගොඩදාන්න.

0
296

ලංසා පවුල් පාලනය විසින් මිගමුව චිකාගෝවක් තරමට මජර තත්වයකට පත්කර ,අපිරිසිදු නගරයක් ලෙසට මිගමුව හංවඩු ගැසන පසුබිමක් නිර්මාණය කිරිම නිසා දැන් සංචාරකයන් මිගමුව හැර යන්නට පටන් ගෙනය.

රට සංචාරකයන් ගෙන ඒමට සංචාරක ඇමති ලෙස හරින් ප්‍රනාන්දු විසින් ගෙන ඇති සාධනීය පියවරයන්ගේ ප්‍රතිලාභ නිසි ලෙස ලබන්නට මිගමුවට නොහැකි වි ඇත.

මේ නිසාම බිඳවැටුන සංචාරක කීර්තිනාමය නැවත ගොඩගන්නට දැන් මිගමුවේ සංචාරක කර්මාන්තයේ නියැලි සිටින අයට විශේෂ වැටසටහන් නිර්මාණය කිරිමට දැන් සිදුව ඇත.

පිබිදෙමු මිගමුව වැඩසටහන ඉන් එකකි. අද ඒ ගැන මිගමුව මහනගර සභාවේ විද්වත් කතිකාවකි .සංචාරක ඇමතිද පැමිණ සිටි.

තවත් කුප්‍රකට පුද්ගලයෙකුද වෙයි.ඒ චීන්නුන්ට හොර ව්සා හදන්න ලියුම් දුන් අරුදික ප්‍රනාන්දුය.

මෙවන් කුප්‍රකට දේශපාලකයන් සංචාරක ව්‍යාපාරයට කරමින් සිටින්නේ දැවැන්ත අවැඩකි.