හෝටලයකට හදපු බිල්ඩිමක් ජාත්‍යන්තර පාසැලක් කරන්න අනුමැතිය දුන්න කොමිස් කාක්කා කව්ද?

0
223

bribery-1newමිගමුව යනු කොමිස් කාක්කන්ගේ නගරයකි.දේශපාලන අධිකාරියෙන් පටන් ගෙන පරිපාලන අධිකාරිය දක්වාම පැතිර ගොස් ඇති මේ කොමිස්කාරයන්ගේ පාලනයේ අතිබිහිසුණු කියන තවත් කතාවක් දැන් මිගමුවේදි මතුව තිබේ.එනම් හෝටලයක් ඉදිකිරිම සදහා තට්ටු දෙකක් ඉදිකිරිම සදහා මුල් සැලසුමක් ඇති ගොඩනැගිල්ලක් දැන් තට්ටු  කිපයක ජාත්‍යන්තර පාසැලක් කිරිමට ඇති සුදානමක් ගැනය.වාර්තා වන අන්දමට මෙහි ගොඩනැගිලි සැලැස්ම නිර්මාණය කර ඇත්තේද මිගමුව මහනගර සභාවේ අංක එකේ කොමිස් කාක්කෙකි.දැන් මතුව වන ගැටළුව වන්නේ මේ ජාත්‍යන්තර පාසැලේ ඉගෙනගැනිමට එන දරුවන්ගේ ජිවිතවලට වගකියන්නේ කව්ද.ගොඩනැගිල්ලේ ප්‍රමිතිය ගැන දැනටමත් ප්‍රශ්ණ මතුවෙමින් තිබේ.කොමිස් කාක්කන්ට මෙන්ම අධ්‍යාපන කඩකාරයන්ටද ඇවැසි වන්නේ මුදල්ම පමණකි.