හෝටලයෙන් පහර කා රෝගී වූ ජීසස්ගේ ජීවිතයට වන්දි ගෙවන්නේ කව්ද?

0
85

ජීසස් ඩෙනීෂියස් ප‍්‍රනාන්දුගේ වයස අවු 15 කි. 2011 අගෝස්තු මස 07 වනදා බලාපොරොත්තු නොවූ ලෙස පෙරියමුල්ල අනසර් හෝටලයේ දී ඇතිවූ සිදුවීමකදී එම  හෝටලයේ සේවකයන් අතින් බරපතල ලෙස පහරකෑමකට ලක්වීමට ජීසස්ට සිදුවිය.  එහිදී සේවකයෙකුගේ අතින් එල්ල වූ රයිස් හැන්දෙන් කළ පහරක් හේතුවෙන් ජීසස්ගේ හිසට බරපතල ලෙස තුවාල වී  කොළඹ මහා රෝහලේ දී සැත්කම් කීපයකට භාජනය වූ පසු ඔහුව රාගම රණවිරැ සෙවනට යොමුකර ඇත්තේ ව්‍යායාම විලින් ඔහුගේ ශරීරයේ අඩපනවූ වම් භාගය සුවවීම සදහායි. මාස කීපයකට පසු ජීසස් රාගම රණවිරැ සෙවනේ සිට පසුගිය 08 වෙනිදා පෙරියමුල්ලේ සිය නිවසට පැමින ඇත.
පෙබරවාරි 09 දා මීගමුව පොලීසිය ඔහුගේ නිවසට පැමිණ ඔහු සහ මවත් සමග පෙරියමුල්ලේ
අන්සර් හෝටලයට ඔවුන් ගෙන ගොස් පහරදුන් පුද්ගලයන් හදුනාගන්නා ලෙස පවසා ඇත. තමාට පහරදුන් එක්  සේවකයෙකු හදුනාගෙන ඇති අතර ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  ජීසස් පවසන්නේ  තමා ඇතුළු මිතුරන්ට පහරදුන් දවසේ  හෝටලයේ සිටි
අනෙක් සේවකයින් සහ හෝටලයේ මුදලාලි එම අවස්ථාවේදී නොසිටි බවයි.
මේ වන විට ජීසස්ගේ අධ්‍යාපන කටයුතු නැවතී ඇති අතර ඔහුගේ ශරීරයේ වම් පැත්තේ අත සහ
පාදය අක්‍රීය වී ඇත. එමෙන්ම ඔහුට කතා කිරීමට ද හැකියාවක් නොමැත. මේ වන විට ඔහුගේ දෙමාපියන් හට කිසිදු ප්‍රමාණවත් වන්දියක් ලබාදී නෙමැත.

 

 

http://www.meepura.com/stories/%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7