ළමා අපචාර සිදුකරන උන්ව එල්ලා මැරිය යුතුයි – නි.ඇමති රන්ජන් කියයි

0
54

ranjan 1ranjan 2 දිවුලපිටිය  ආසනයේ කොටදෙනියාව ගමේ අවුරුදු හතරමාරක කුඩා දැරියගේ මරණය සැලවිමත් සමගින් එම ප්‍රදේශයට ගොස් සිටි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දරුවන් අපෙයෝජනයට ලක්කරන්නන් එල්ලා මැරිය යුතු බවය.
මරණ දඩුවම සම්බන්ධයෙන් තමන් මෙතෙක් වෙනස් මතකය සිටියද රට තුල දිනෙන් දින සිදුවන බාලඅපචාර ක්‍රියා දෙස බලන විට ඒවාට මුල්වන අයට දිය යුතු ඉහලම දඩුවම දිය යුතු යැයි දැන් තමන් විශ්වාස කරන බවද එවැනි නීතියක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ  නම් තමන් දෑත් ඔසවා එයට අනුමැතිය දෙන බවද පවසා සිටියේය.