ළමා නිවාස වල සිටින දරුවන්ට ලගම ජාතික පාලසට ඇතුලත් විමේ අවස්ථාව

0
314

education

රජයේ ලියාපදිංචි වී ඇති ළමා නිවාසවල සිටින දෙමව්පියන් අහිමි දරුවන්ට ළඟම පිහිටි ජාතික පාසලට ඇතුළත් වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2019-07-31 දිනැති අංක 38/2019 දරන චක්‍රලේඛය මගින් සියලුම ජාතික පාසල්වල විදුහල්පතිවරුන් වෙත  දැනුම් දී ඇත.එමෙන්ම එසේ ඇතුළත් කරගන්නා දරුවන්ට ද සෙසු දරුවන්ට මෙන්  සමානත්වයෙන් සැලකීමට පියවරගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළව නිකුත් කර ඇති  29/2019 චක්‍රලේඛයේ 4.5 උප වගන්තියේ සඳහන් පරිදි ළමා නිවාසයක සිටින සෑම ළමයෙකුගේ ම  නීත්‍යානුකූල භාරකරු ලෙස සැලකෙන්නේ ළමා නිවාසයේ භාරකරුය. එම නිසා දරුවා පාසලට ඇතුලත් කිරීම සදහා වන අයදුම්පත ළමා නිවාසයේ භාරකරු විසින් ඉදිරිපත් කල යුතුය.

ළමා නිවාස වල සිටින දරුවන් අතරමැදි ශ්‍රේණි සදහා ඇතුලත් කිරීමේදී අදාළ ළමා නිවාසයේ භාරකරු විසින් යොමුකරන ලද  අයදුම්පත පරීක්ෂා කර අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව පාසලට ඇතුළත් කරගැනීමට කටයුතු කළ යුතු බවට ද මෙම චක්‍රලේඛයේ සඳහන් වේ.