ළමා විශේෂඥ ලක්කුමාර මහතාත් ,නවලෝක රෝහලත් ඩෙංගු නිසා ගොඩ ! මීගමුව රෝහල පමණක් අර්බුදයක ?????…

0
269

NGB hospitalළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර යනු රජයේ වියදමින් තායිලන්තය වෙත ගොස් ඩෙංගු මර්ධනය සදහා විශේෂ පුහුණුවක් ලද වෛද්‍යවරුන් අතර එක්  අයෙකි.

ඔහු පසුගිය ආණ්ඩුවේ මැති අමැතිවරුන් හා ඉතා සමිප ඇසුරක් පවත්වන්නෙකු ලෙසද ප්‍රකටව සිටියේය.
එවකට වසරක් පමා වු ඩෙංගු වාට්ටු ව සදහා කඩිනමින් ප්‍රතිපාදන වෙන් කර තිබුණේ  රාජපක්ෂ පරපුරේ මුණුබුරෙකුද මීගමුව රෝහලට ඩෙංගු රෝගය සදහා ප්‍රතිකාර ගැනිමට පැමිණිමත් සමගින්ය.
මේ අනුව ලැබුන රුපියල් ලක්ෂ 550 ක මුළු මුදලම ළමා රෝග විශේෂඥ ලක්කුමාර මහතාගේ අවශ්‍යතාව මත රෝගින් 17 දෙනෙකු පමණක් ඇතුළත් කළ හැකි ඩෙංගු වාට්ටුවක් ගොඩනැගිම වෙනුවෙන් එදා  වැය කර තිබුණි.
ඇත්ත වශයෙන්ම එහිදි සිදුව තිබුනේ නව ගොඩනැගිල්ලක් හදනවා වෙනුවට තිබුණ පැරණි ගොඩනැගිල්ලක් පිළිසකර කොට රෝගින් 17 ක පමණක් ප්‍රතිකාර ලබාදිය හැකි පරිදි මේ විශේෂ ඩෙංගු ඒකකය නිමකොට තිබිමය.

මේ අනුව වෙන් කෙරුණ  ලක්ෂ 550 පළමුව වැය කර පසුව අදාල බිල්පත් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මුදල් ලබාගැනිමේ පදනම මත ක්‍රියාත්මක කිරිම සදහා යෝජනා සම්මතව තිබුණ පසුබිමක මේ සා විශාල මුදලක් ප්‍රමාණයක් අයෝජනය කිරිමට ඇති හැකියාව මත ඇමති නිමල් ලංසා යටතේ පාලනය වන පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ සම්පුර්ණ ඉදිකිරිම් කටයුතු මෙහෙයවිම භාරගෙන තිබුණි.
එක් වාට්ටුවක් පමණක් පිළිසකර කරන්නට  ලක්ෂ 550 ක් වැය වුනේදැයි ඇතමුන් අසන්නේ මේ පසුබිම මත පිහිටාය.
වෛද්‍ය ලක්කුමාර මහතාගේ තනි ව්‍යපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වු මෙම ඩෙංගු වාට්ටුව නිසා රෝහලේ අනෙකුත් අංශ වෙත මධ්‍යම රජයේ මුදලින් කිසිවක් වෙන්කරගන්න පුළුවන්ද කමක් තිබුනේ නැත.
දැන් තත්වය තවත් අර්බුදයට ගොස්  ඇත්තේ අති  නවින අයුරින් ඩෙංගු වාට්ටුව සකසා ලන්නට මෙන්ම ඒ අවට පරිසරය අලංකාර කරන්නටද පිටට පෙනෙන රෝහලේ අඩුපාඩ් කම් සියල්ල පැලැස්තර දමා වසංගා ගන්නටද වෛද්‍ය ලක්කුමාර මහතා ප්‍රමුඛ පිරිස විසින් කටයුතු කර තිබිමයි.
කෙසේ වෙතත් රෝහලේ තවත් අත්‍යවශ්‍ය වැඩිකටයුතු රාශියක් පසෙක තබමින් රෝගින් 17 දෙනෙකුට පමණක් ප්‍රතිකාර කරන්නට නිමවු විශේෂ ඩෙංගු ඒකකය විශාල ප්‍රචාරයක් සිදුකරන්නට වෛද්‍ය ලක්කුමාර මහතාද කටයුතු කර තිබුණි.
ඒ ආසියාවේ දියුණුම  ඩෙංගු ඒකකය යැයි අතැම් මාධ්‍යකරුවෝ  ලියුහ.
මේ ප්‍රචාරයන් හමුවේ රටපුරා සිටින ඩෙංගු රෝගින් මීගමුවේ ඩෙංගු ඒකකයෙ ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් මීගමුව රෝහලට ඇතුලත් විණි.
මේ සියල්ලෝම මීගමුව රෝහලට ඇතුළු විම  හේතුකොට ගෙන පිරිමි සහ ගැණු වාට්ටු වල දිනෙන් දින පිරි යන්නට පටන් ගති.
මේ නිසාම රෝහල බරපතල අර්බුදයකට පත්ව තිබුණි.
මේ අනුව ඩෙංගු වලට ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රසිද්ධවිමත් සමගින්ම ඔහුගෙ සේවය ලබාදෙනු ලබන පුද්ගලික රෝහල් වෙතද ඒ ප්‍රසිද්ධිය ලැබෙන්නට පටන් ගැණිනි.
ඒ අනුව දැන් නවලෝක රෝහල පමණක් මහජන මුදලින් තායිලන්තයට ගොස් ඩෙංගු ප්‍රතිකාර ගැන ඉගෙන ගත් වෛද්‍යවරයාගේ අධාරයෙන් ඩෙංගු රෝගින් ගෙන් ලක්ෂ ගණන් අයකරන්නට පටන් ගෙන තිබේ.
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයා මෙන්ම නවලෝක රෝහලද උපරිම වශයෙන් ගොඩගිය අතර මීගමුව රෝහල අර්බුදයට ගියේය.
අද අප මීගමුව රෝහල තුල  මුහුණ දෙමින් සිටින්නේ ඉහත අර්බුදයේම දිගුවකි.මිගමුවෙන් ගම්පහට මාරු වි ගියද වෛද්‍ය ලක්කුමාර මහතා තවමත් මිගමුවේ ඩෙංගු ඒකකයේ සේවය සදහා පැමිණෙමින් තිබෙන බවද සැලය.වෛද්‍යවරයකු මාරුවි ගියපසු මෙසේ පැමිණෙන ලංකාවේ පලමු අවස්ථාව වනු ඇත්තේද මෙයයි.මේ සියල්ල්ලේ වාසිය නවලෝක රෝහලත් වෛද්‍ය ලක්කුමාර මහතා වෙතත් බැර වෙමින් තිබේ.

 

 

Save

Save

Save

Save