ෆ්ලොයිඩ්ගේ අවසන් ගමනට රන් ආලේපිත දෙණක් !

0
107
The casket of George Floyd is placed in the chapel during a funeral service for Floyd at the Fountain of Praise church, in Houston, Texas, U.S., June 9, 2020. David J. Phillip/Pool via REUTERS

(Photo by ANDREW CABALLERO-REYNOLDS / AFP)

ඇමරිකාවේදි පොලිස් මෘගයෙකුගේ තිරිසන් මර්ධනයක් හේතුවෙන් ඝාතනයට ලක්වු  ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ අවසන් කටයුතු පසුගිය දා සිදුවිය .ඔහුගේ දේහය තැන්පත් කෙරුණේ රන් ආලේපිත දෙණක වීම විශේ ෂත්වයකි.
නිව්ස් වයර් වෙබ් අඩවිය සිය පුවතක් මගින් දක්වා ඇති අන්දමට ඇමෙරිකාවේ මීට පෙර එවැනි ගෞරවයක් ලද්දේ සුපිරි ගායක මයිකල් ජැක්සන් හා සුපිරි සංගීතවේදී ජේම්ස් බ්‍රවුන් පමණි.
ෆ්ලොයිඩ් ගේ රන් දෙණ ඇමෙරිකානු ඩොලර් 20,000-40,000ත් අතර මුදලක් වැයකොට නිමකරන ලද්දේය.මයිකල් ජැක්සන් ගේ දේහය තැබූ දෙණ ඩොලර් 25000ක් වැයකර තැනූ එකක් විය.ෆ්ලොයිඩ් ගේ දෙණ සඳහා වියදම් කර තිබුණේ එරට හිටපු ජනප්‍රිය බොක්සිං ක්‍රීඩකයෙකු වන ෆ්ලොයිඩ් මේවෙදර් ය.
කිසිවෙකුත් එතරම් නොදැන සිටි ජෝර්ජ් ෆ්ලොයිඩ් ලෝකය පුරා ශක්තිමත්ව පැතිර යන ජාතිවාදය සහ වර්ගවාදයට එරෙහි අරගලයේ හැරවුම් ලක්ෂය බවට පත්ව තිබේ.

Joe Raedle/Getty Images/AFP

ඒ අරගලය ලොව සුපිරිබලතා යැයි කියන නායකයාවද බංකරගත කරන්නට තරම් ශක්තිමත් එකක් බව ලොවට පෙන්වා හමාරය.
ලංකාව තුල මෑත ඉතිහාසයේ ක්‍රියාත්මක වු අති ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය අද මේ රට තුල පොලිස් රාජ්‍යයක් ස්ථාපිත කිරිමට යන රාජපක්ෂ පාලනය දැඩි විවේදනයකට ලක්කරමින් සාමුහික පෙළගැසිම් මුල නිමිති වෙමින් තිබේ.
මතවාදි වෙනස් සියල්ල එසේ තිබියදිත් මේ පොලිස් රාජ්‍යයක් කරා යන ඒකාධිපති ගමන නවතා ලන්නට කොන්දේසි විරහිතව මෙරට ප්‍රගතිශිලි ජනයා පෙළනොගැසෙන්නේ නම් අපට හුස්ම ගැනිමට ඉඩදියව් කියා වත් කියන්නට බැරි තත්වයක් නිර්මාණය කරනු ඇත..
මුලාශ්‍රය – newswire.lk/www.washingtonpost.com/www.aljazeera.com