ෆ්‍රෙඩීට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පා මහනුවර පුරවැසි හවුලත් වීදි බසී.

0
76

මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට මීගමුව මහ නගර සභා පරිශ්‍රය තුළදී එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පළකරමින් මහනුවර පුරවැසි හවුල අද (09 දා) මහනුවර නගර මධ්‍යයේදී විරෝධතාවයක යෙදිණි.

මහනුවර ඔරලෝසු කණුව අසලදී පැවැති මෙම විරෝධතාවයට එක් වී සිටි මහනුවර පුරවැසි හවුලේ සාමාජිකයින් විසින් එම මැර ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මීගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට බලකර සිටියහ.

පුරවැසි හවුලේ විරෝධතාවයේ අවස්ථා කිහිපයක් පහත දැක්වෙයි.

ඡායාරූප අනුග්‍රහය – මාධ්‍යවේදී හේරත්  ඒකනායක , මහනුවර

kandy_protest_6 kandy_protest_1 kandy_protest_3 kandy_protest_4 kandy_protest_5www.wayambatoday.com