ෆ්‍රෙඩී වෙනුවෙන් හෙට කුරුණෑගලට එකතුවෙමු !

0
143

sss

මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට මීගමුව මහ නගර සභා පරිශ්‍රය තුළදී එල්ල වූ මැර ප්‍රහාරයට සම්බන්ධ බවට සෘජුවම ඇගිල්ල දිගු වී ඇති මීගමුව දූෂිත දේශපාලනඥයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් මහජන පෙත්සමකට අත්සන් තැබීම හෙට (13 දා) පෙරවරු 9. 30 ට කුරුණෑගල ඔරලෝසු කණුව අසලින් ආරම්භ වෙයි.

වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, කුරුණෑගල සිවිල් සංවිධාන එකමුතුව සහ වයඹ ටුඩේ වෙබ් අඩවිය එක්ව සංවිධානය කරනු ලබන මෙම මහජන පෙත්සමට අත්සන් තැබීම සදහා මාධ්‍යවේදීන්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම ජනතා ක්‍රියාකාරීන් රැසක් හෙට දිනයේදී එක්වීමට නියමිතව සිටිති.

ඔබත් , මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ ප්‍රබලම මාධ්‍යය වන ජනමාධ්‍යයන් සහ මාධ්‍යවේදීන් වෙත එල්ලවන තාඩන, පීඩන බලපෑම්වලට, තර්ජන, ගර්ජන හා පහරදීම්වලට විරුද්ධ අයෙකු නම්, ඒවා හෙළාදැකිය යුතු සහ මෙරටින් තුරන්විය යුතුයැයි කල්පනා කරන අයෙකු නම් කරුණාකර හෙට දිනයේදී (13 දා) කුරුණෑගල ඔරලෝසු කණුව අසලට පැමිණ ඔබේ අත්සනත් මෙම මහජන පෙත්සමට එකතු කිරීමට කාරුණිකවන්න. ඔබේ අත්සන මෙරට තුළ නිදහස් සහ ස්වාධීන මාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීමේ ලා තැබෙන තීරණාත්මක සටහනක් වනු නිසැකය.sss