ෆේස්බුක් පාවිච්චියේදී “ආචාරශීලී වන” ලෙස ග්‍රාම නිලධාරීන්ට උපදෙස්

0
103
linkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
මුහුණු පොත භාවිත කිරීමේදී ආචාරශීලී ලෙස භාෂාව හසුරුවන ලෙස ග්‍රාම නිලධාරීන්ට
රජයෙන් උපදේශයක් නිකුත් කර තිබේ.
 මෙරට ක්‍රියාත්මක  ග්‍රාම නිලධාරී සංගම් නමයක් වෙත එම ලිපිය  යොමු කර ඇත්තේ චමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ පවතින අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ  සහකාර ලේකම් (ග්‍රාම නිලධාරී පාලන) කේ.ඩී බන්දුල ජයසිංහ විසිනි.
 “ඉදිරියේ දී  සමාජ ජාලා වෙබි අඩවි තුළ ග්‍රාම නිලධාරී පෞද්ගලික ගිනුම් මගින් ග්‍රාම නිලධාරීන් අදහස් පල කිරීමේදී රාජ්‍ය සේවයට ඔබින වඩාත් ආචාරශිලී භාෂා ශෛලියක් භාවිත කරන ලෙසට තම සාමාජිකයන් දැනුවත් කරන මෙන් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් දන්වා ඇති බවට කාරුණිකව සදහන් කරමි,” යනුවෙන් එම ලිපියේ සඳහන්ය.
 “සමාජ ජාලා (ෆේස්බුක්) මගින් ප්‍රචාරණය සම්බන්ධවයි ” යන ශිර්ෂය යටතේ නොවැම්බර් 09 දිනැති එම ලිපිය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය, සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය, උපාධිධාරී ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය, රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, උතුරු නැගෙනහිර පළාත් ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා එක්සත් ගම්පහ ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා පරිපාලන ග්‍රාම නිලධාරී සංගමය සහ සමස්ත ලංකා පරිපාලන ග්‍රාම නිලධාරී සංගමය වෙතයි.
මහජනතාව සමග ගනුදෙනු කරන වෙනත් අවස්ථා වලදී භාෂාව හසුරුවන ආකාරය සම්බන්ධයෙන් එම ලිපියේ කිසිත් සඳහන් කොට නොමැත.

Letter FB

 theleader.lk