ෆෝට් සිටියට මුහුදෙන් වැලි ගොඩදැමිමට එරෙහිව ධිවරයෝ මහපාරට!

0
108

 

 

ෆෝට් සිටි  ව්‍යපෘතිය සදහා උස්වැටකෙයියාව  සිට  කොචිචිකඩේ  මුහුදූ තීරයේ වැලි ගොඩ දැමීම නතර කරන ලෙසට බල කරමින් අද  (17 ) පෙරවරුවේදී  කොළඹ හලාවත ප්‍රධාන මාර්ගය වසා අවහිර කරමින් ධිවර ජනතාව එක්දහස් පන්සියයකට අධික පිරිසක් දැවැන්ත උද්‍ෙඝා්ෂණයක් ආරම්භ කරන ලදී.

මෙම උද්ඝෝෂණයට උස් වැටකෙයියාව සිට කොච්චිකඩේ දක්වා ඇති ධිවර සමිති නියෝජිතයින් හා වෙරළ කලාපයේ  කතෝලික පියතුමන්ලා සහභාගිවි සිටි අතර  විරෝධතාකරුවන් කියා සිටියේ මෙම මුහුදූ තිරයේ සිදුවන වැලි ගොඩ දැමිම හේතුවෙන් ගොඩ බිම මුහුදූ ඛාදනයකට ලක්වන බවත් එබැවින් එම වැලි පතුලේ සිටින මත්ස්‍ය ආහාර හා මත්ස්‍ය පැටවව් විනාශවන බැවින් තව කෙටි කාලයකදී මෙම මුහුහදූ තිරයේ මත්‍ස්‍ය හිගයක් ඇති විමට ඉඩ ඇති බවය.
ධිවර පවුල් විශාල සංබ්‍යවකගේ  දෛයිනික ආදායම අහිමි වන බවත් එම පවුල් සදහටම අසරණ තත්වකට පත්වන බවත් මෙ සදහා රජයෙත් සාකච්ඡා වට කීපයක් ඉල්ලා ඇති අතර එය මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින්  රජයේ වගකිව යුතු අයගේ මෙයට නිසි සාදාරණ පිලිතුරක් බලා පොරොත්තු වන අතර එයට නිසි පිලිතුක් නොලැබුනොත් මාරාන්තික උපවාසයකටද යන බව  කලාපීය රජ ගුරු තුමා නියෝජනය කරමින් ග්‍රොස් පියතුමා ප්‍රකාශ කලේය
ජනතාවට පීඩා වන අයුරින් පාර අවහිර නොකරන ලෙස මිගමුව අධිකරණයෙන් ලබා ගන්නා ලද නියෝගයටද අවනත නොවි ධිවර ජනතාව මිගමුව හලාවත ප්‍රධාන මාර්ගය වසා උදැසන 8 සිට දහවල් සවස් වන තුරුම උද්ඝෝෂනයේ නිරතව සිටිති.
_MG_6906 
ඡායාරූප – ප්‍රියප්‍රේම මාණික්කරත්න