නගර සභාවට අයත් ඉඩම් ආරක්ෂා නොකරන, නිලධාරීන් ගැන පියවර ගන්න

0
192

192615මෙම ප්‍රකාශය අද විපක්ෂයේ මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් සිදුකරන ලද්දේ මීගමුව මහ නගර සභා රැස්වීමේදීය.  මීගමුව මහා නගර සභාවට අයත් මීපුර සිනමාහල පිහිටි භූමිය ආනාරක්ෂිතව වල් බිහිවී ඇති බැවින් මෙම ඉඩම ආරක්ෂිතව තැබීමට වැටක් ඉදි කර සංවර්ධනය කල යුතු බව අච මීගමුව මහ නගර සභා රැස්වීමේදී  විපක්ෂයේ මන්ත්‍රී රොයිස් විජිත මහතා යෝජනාවක් ගෙන එමින් කියා සිටියේය.
තවදුරටත්  ඔහු කියා සිටියේ නගර සභාවට අයත් දේපල යනු මෙම බල සිමාවේ වරිපනම් බදු ගෙවන සමස්ථ ජනතාවටම අයත් පොදු සම්පත් බවයි.
එලෙසම මෙම භුමිය වානිජ වටිනාකමින් ගත් විට ඉතා ඉහල අගයක් ඇති භූමියක් බවයි. ඒ නිසා මෙය අයාලේ යා නොදී එලෙසම හුදෙකලා වීමට ඉඩ නොදී මෙය රැක ගැනීම නගර සභාව සතු යුතුකමක් සහ වගකීමක් බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මෙයට කලින්ද මෙලෙස නගර සභාව සතු ඉඩම් මෙලෙස හුදෙකලා වීමට සැලස්වීමෙන් එම ඉඩම් මේ වන විට නගර සභාවට අහිමී ගොස් ඇති බවට පුර්වාදර්ශ රාශියක් ප්‍රකාශ කල හැකි බවද ඔහු පැවසීය. ඒනිසා එවැනි තත්වයක් මෙම ඉඩමටද සිදු වීමට ඉඩ නොදී මෙම ඉඩම එලි පෙහෙලි කොට ආරක්ෂිත වැටක් ඉදි කරවා මෙය මහා නගර සභාව සතු දේපලක් බවට පුවරුවක් සවි කිරීම කලයුතු බවත් , යම් සංවර්ධන කාර්්‍යයක් වෙත මෙය යොදා ගන්නේ නම් එය මහා සභාවට සහ අදාල වගකිව යුතු අමාත්‍යවරුන්ටද දන්වා අවශ්‍ය අනුමැතිය ලබා ගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. එවිට මෙම ඉඩම සම්බන්ධව ජනතාව දැනුවත් වන බවත් එවිට එහි අනවසරයෙන් නීති විරෝධීව අත්පත් කර ගැනීමට යාමෙන් වැලකෙන බවටත් ඔහු පැවසු අතර එවැනි තත්වයක් තුල  මහා නගර සභාවට අයත් මෙවැනි ඉඩම් සභාවෙත් ගිලිහෙන්නට නොදී ආක්ෂා කර ගත යුතු බවද  ඔහු එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් කථා කල ඇන්ටනි ජයවීර නගරාධිපතිවරයා සදහන් කලේ නගර සභාවට අයත් දේපල විශේෂයෙන් නගර සභාවට අයත් සමස්ථ ඉඩම් හරියාකාරව මැන බලා ඒවාට ප්‍රකාශිත ඔප්පු සකස් කිරිම් ආදී කටයුතු සදහා පසුගිය අයවැය තුලින් ලක්ෂ 25 ක් පමන වෙන් කර ඇති බවත් තමන් නගරාධිපතිවරයා ලෙස මෙම කටයුතු ගැන අදාල වගකිව යුතු නිලධාරීන් දැනුවත් කලද එම නිලධාරීන් හරියාකාරව එම කටයුතු සිදු නොකරන නිසා සභාවට අයත් බොහෝ ඉඩම් මෙලෙස අයාලේ ගොස් හුදෙකලා වී ඇති බවයි . ඒනිසා මින් මතුව හෝ එවැනි තත්වයක් සිදු නොවීමට අදාල නිලධාරීන්ට නැවත දන්වන බවත් තමන් නගරාධිපතිවරයා ලෙස මෙම කාර්්‍යය භාර්්‍ය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බවද ඔහු අවසානයේ දී පැවසීය.

මෙහිදී පිලිතුරු දෙමින් කතා කළ රොයිස් විජිත ප්‍රනාන්දු  මන්ත්‍රීවරයා  පැවසුවේ ප්‍රදේශයේ ප්‍රධාන පුරවැසියා ලෙස සහ බලතල අතින් නොෙදවෙනි නගරාධිපතිවරයාගේ අණ නොතකමින් සහ රජය විසින් නිකුත් කර ඇති ආයතන සංග්‍රහයේ නීති රීති මත මහා නගර සභාවේ වගකිව යුතු නිලධාරීන් ක්‍රියා නොකරයි නම් එම නිලධාරීන් සම්බන්ධයෙන් නගරාධිපතිවරයාට සෘජු තීන්දු තීරණ ගත හැකි බවයි. එලෙසම ඔහු නගරාධිපතිවරයාට පැවසුවේ එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව දැඩි තීන්දුවක් ගෙන නගර සභාවට අයත් දේපල සහ සම්පත් ආරක්ෂා කීරීමට ඉතා ඉක්මනින්ම උත්සුක විය යුතු බවයි.