‍මඩම පාරේ කාණුව මරු කපොල්ලක් ද?

0
150

ජනවාරි 15 වනදා වෙන්නප්පුව මඩම පාරේදී තරුණයෙකු යතුරු  පැදියක ගමන්කරමින්
සිටියදී  අනතුරට ලක්වී එම ස්ථානයේදීම මිය ගියේය.  මෙම අනතුර සිදුවූයේ  වෙන්නප්පුව
ශුද්ධවූ පවුලේ බාලිකා විදුහල ඉදිරිපිටින් ඇති මාර්ගයේ  සුසාන භුමිය දෙසට යද්දී
අවසානයේ ඇති  තුන්මංහන්දියට ආසන්නයේදීයි.
අනතුර වන අවස්ථාවේදී වේලාව රාත්‍රි 7.30 -8.00 අතර පමණ වී ඇත. යතුරු පැදිය ඒ ආසන්නයේ තිබූ දුරකථන කණුවක හැපුණ පසු  බරපතල ලෙස තුවාල ලත් මෙම තරැණයා එතැනම
මියගොස් තිබේ. මියගොස්  ඇත්තේ  වෙන්නප්පුව වැව පාරේ පදිංචිව සිටි  රංජිත් සමීර නමැති 29 හැවිරිදි  තරුණයෙකි.
මෙම අනතුරට මුල්වී ඇති හේතු අතර එක් ප්‍රධාන කාරණාවක් ලෙස  ප්‍රදේශවාසීන් පවසන්නේ   එම මාර්ගයේ පිහිටා ඇති කාණු දෙකක් පිලිබද ගැටලුවකි.  ඔවුන් පවසන්නේ වතුර ගලායාම පිණිස  මාර්ගය මැදින් තනා ඇති කාණුවක් නිසා මාර්ගයේ ගමන් කරන යතුරු පැදි සහ ත්‍රිවිල් රථ මෙන්ම  බයිසිකල් ද බොහෝ අවස්තා වලදී
එම ස්ථානය පසුකරන විට යම් ගැස්සිල්ලකට ලක්වන බවයි.
මෙම ස්ථානයේදී  ඒ  පිළිබදව අවධානයෙන් පැමිණියහොත් හැරෙන්නට  අනතුරක් වීමේ ඉඩකඩ වැඩි බව ඔවුන් පවසති.‍එමෙන්ම රාත්‍රී කාලයේදී බොහෝ විට අනතුරක් විය හැකි බවත් ප්‍රදේශවාසීන් පවසති.
මේ පිළිබදව වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ මේ පිළිබදව සිදුකළ පරීක්ෂන පිළිබද මාධ්‍යට කිසිවක් පැවසිය නොහැකි බවයි.
එමෙන්ම මෙම  අනතුර සම්බන්ධ තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන්
විමසන ලෙසයි.
ඒ අනුව අප මේ පිළිබදව කොළඹ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශයෙන් විමසා සිටින ලදී.
. එහි වගකිවයුත්තෙක් ප්‍රකාශ කර සිටියේ  මෙම අනතුර සම්බන්ධ වෙන්නප්පුව පොලීසියේ
වාර්තාවක් මේ වනතෙක් සොයාගත නොහැකි වූ බවයි. එනමුත්
එවැනි අනතුරකදී බොහෝ විට වරද පැටවෙන්නේ පා‍රේ ගමන්කරන්නා වෙත බවත්,
පාරේ ගැටලුවක් වෙත් නම් ඒ පිළිබදව වගකීම බොහෝ විට  අදාළ වන්නේ මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට  බවත් ඔහු පවසා සිටියේය.



ඡායා – ‍ෂෙහාන් ප්‍රනාන්දු