‘ඒන්ජල්ස් පාර්ක් ,ජල යෝජනා ක‍්‍රමයේ වංචා සහ මුල්‍ය අක‍්‍රමිකතා රැසක් ?..

0
260

රජයේ මුදල් ප‍්‍රතිපාදන වල අනුග‍්‍රහය සහ රාජ්‍ය නොවන සංවිධාන වල මුල්‍ය ආධාර ලබා ගනිමින් පිහිට වන ලද මීගමුව, අක්කර පනහ ‘‘ඒන්ජල්ස් ප‍්‍රජාමුල සංවිධානයේ පානීය ජල ව්‍යාපෘතියේ විධායක කම්ටුව විසින් පසුගිය කාලයේ සුවිශාල මූල්‍ය වංචා සහ අක‍්‍රමිකතා ගනනාවක් සිදු කර ඇති බවට වාර්තා වේ. මෙම මුල්‍ය වංචා සහ අක‍්‍රමීකතාවයන් පිලිබ`දව එම සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු විසින් මීගමුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ද පැමිණිළි කර ඇත. එම පැමිනිල්ලට අනුව එම හිටපු සභාපතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලා ඇත්තේ එම මූල්‍ය වංචා සහ අක‍්‍රමිකතා ගනනාවක් සිදු කල කණ්ඩායමට අයත් යම් පුද්ගලයෙකු හෝ කන්ඩායමක් විසින් අයුතු ලෙස හෝ වංචාසහගතව ලබා ගෙන ඇති එම සංවිධානයට අයත් මුදල් නැවත සංවිධානය වෙත අයකර දීමට කටයුතු කර දෙන ලෙසයි්.

ඒන්ජල්ස් පාර්ක් ප‍්‍රජා මුල සංවිධානයේ මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ මුලික පරමාර්ථය වුයේ බල ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රජාවගේ පානීය ජල පහසුකම් විස`දිමේ කි‍්‍රයාවලියට මැදිහත්ව කටයුතු කිරිමයි. එලෙසම මෙම ජල ව්‍යාපෘතියේ තිරසාර පැවැත්ම ස`දහා කටයුතු කිරීමයි.  එහෙත් මෙම පරමාර්ථ ඉටු කර ගැනීමකට වඩා සිදු වී ඇත්තේ මෙම ව්‍යාපෘතිය තුල මූල්‍ය වංචා සහ අක‍්‍රමිකතාවන් සිදුවීමයි.
මෙම පැමිනිල්ලට අනුව පසුගිය 2009 වසරේ ජනවාරි මස 19 වැනි දින සිට පුරා වසරක කාලයක් මෙම සංවිධානයේ සභාපතිධුරය දරා ඇත්තේ ජයරත්න නම් අයෙකි. ඒ අනුව ඔහු 2011 වසරේ පෙබරවාරී 27 දින දක්වා එම ධුරයේ  කටයුතු කර ඇත.  එම වසරට අදාල මහා සභාව පවත්වා ඇත්තේ ද එදිනමය. එහිදී 2009 වසරේ දෙසැම්බර් 31 සිට 2010 වසරේ දෙසැම්බර් 31 දක්වා වු මුදල් වර්ෂයට අදාල ලැබීම් සහ ගෙවීම් වාර්තාවද ඉදිරිපත් කර තිබේ. එහෙත් එම වාර්තාව සභාගත වූයේ භාන්ඩාාගාරිකවරයා විසින් එම වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට නැගී සිටියාටත් පසුව වීම සුවිශේෂි සිදුවීමකි. අප දන්නා පරිදි යම් වාර්තාවක් සභා ගත කරන්නේ නම් , එම වර්තාව සභා වට ඉදිරිපත් කිරීමට මත්තෙන් එය සභා ගත  කල යුතුව ඇත. ඒ එහි ඇති දෝෂ අඩුපාඩු සහ සංශෝධනය කල යුතුව ඇති තැන් කලින්ම හ`දුනා ගැනීමටය. නමුත් එවැනි අවස්ථාවක තිබිය යුතු විනිවිදභාවය මෙම වාර්තාව ඉදිරිපත් කිරීමේදී ආරක්ෂා වී නොමැත.
එලෙසම ගිණුම් වාර්තාව ඉදිරිපත් කල පසු එහි අඩුපාඩු විමසීමේදී සභාපතිවරයා පවසා ඇත්තේ පළමුව ගිණුම් වාර්තාව සම්මත කර ගෙන දෙවනුව අඩුපාඩු සාකච්ඡුා කල කිරීමට ඉඩ ලබා දෙන බවයි. ඒ අනුව විධායක කම්ටුවේ සමාජිකයන් දෙදෙනෙක්  එකී ගිණුම් වාර්තාව නිවැරදි සහ සත්‍ය වාර්තාවක් බවට යෝජනා කර ස්ථීර කර ඇත. අප දන්නා පරිදි යම් යෝජනාවක් ස්ථීර කර පසුව එහි අඩුපාඩු සාකච්ඡුා කිරීමක් සිදු නොවේ. විය යුතුව ඇත්තේ වාර්තාවේ අඩංගු අඩුපාඩු ගැන සාකච්ඡුා කර එය ස්ථීර කීරීමය. එහෙත් මෙහිදී එවැන්නක් සිදු වී නොමැත.

පසුව ඒකී ගිණුම් වාර්තාවේ අඩුපාඩු සාකච්ඡුා කිරීමේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නගන ලද ප‍්‍රශ්ණයන්ට පිලිතුරු දීමක් සිදු නොකොට සභාවට පරිභාහිරින් කැ`දවා තිබූ පිටස්තර පුද්ගලයින් යොදවා සභාව තුල නොසනුසුන් වාතාවරණයක් ඇති කලහ. එම නොසන්සුන්තාවය පාලනය කරනවා වෙනුවට නැගී සිටි සභාපතිවරයා කලේ ගිනූම් වාර්තාව පිලිබ`දව අසන ලද ප‍්‍රශ්ණ වලට දින 10 කදී සිය`ඵ සමාජිකයන්ට ලිඛිතව කරුණු ඉදිරිපත් කරන බවට පැවසීමයි. ඉන් පසුව පැවැති නිළවර්ණයේදී රොබට් නම් තවත් සමාජිකයෙකු සභාපතිවරයා වශයෙන් පත් විය. සභාපතිධූරය භාර ගනිමින් ඔහු පැවසුවේ පසුගිය වසර වල ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමට නව අභ්‍යන්තර විගනක ලෙස ඇරණ නැමැත්තෙකු පත් කරන බවයි. එමෙන්ම අරුණ නැමැති නව අභ්‍යන්තර විගනකවරයාගේ වාර්තාව මාස 02 ක් ඇතුලත ලිඛිතව සිය`ඵ සමාජිකයන්ට කරුණු ඉදිරිපත් කරන බවද පැවසීය. එහෙත් 2011 මැයි මාසය වන විටත් ජයරත්න නැමැති සභාපතිවරයාත්, රොබට් නැමැති සභාපතිවරයාත් තමන් ප‍්‍රකාශ කල පරිදි පොරොන්දු වූ ලෙස එම ගිණුම් වාර්තා පරීක්ෂා කර විස්තර ඉදිරිපත් කිරීමක් සිදු නොවුණි.
මේ සිය`ඵ තොරතුරු මීගමුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත  හිටපු සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු පැමිණිල්ලේ අන්තර්ගත කර ඇත.  එමෙන්ම මෙම පැමිණිල්ලේදී එම හිටපු සභාපතිවරයා ස`දහන් කර තිබුනේ ඊට පසු මුතුපටින්ගේ නැමැති ලේකම්වරයාගේ නිවසේදී ලිපි ලේඛන කිහිපයක් පරීක්ෂා කිරීමේදී සංවිධානයේ ව්‍යාවස්ථාව උල්ලංඝනය කරමින් මුළ්‍ය අක‍්‍රමීකතා රැුසක් අනාවරණය වූ බවයි. තවද සභාපතිවරයා ගිණුම් වාර්තා පිලිබ`දව අසන ලද ප‍්‍රශ්ණ වලට පිලිතුරු ලබා නුදුන්නේ මෙම අක‍්‍රමීතාවන් වැඩි ගනනකට ඔහුද සෘජුව සම්බන්ධ වී සිටින නිසා බවට මෙහිදී පැහැදිලි වේ.
ඒන්ජල්ස් පාර්ක් ජල යෝජනා ක‍්‍රමයේ පොම්පාගාරය ස`දහා ජල පිරිපහදුවක්  ( ෆිල්ටරයක් * සවි කිරිම ස`දහා ටෙනඩර් කරන ලදුව එම ටෙන්ඩරය රු. 438000/- කට පිරනමා ඇත්තේ අමල් ඉලෙක්ටි‍්‍රකල්ස් නැමැති ආයතනයකටය. එහි ලිපිනය ලෙස ස`දහන් වුයේ 568/5, හයිලෙවල් පාර, නුගේගොඩයි.  එම ස්ථානයේ එවැනි ආයතනයක්  නොමැති බවත් එහි දුරකතන අංකය ලෙස ස`දහන් කර තිබූ 0777-630510 දරණ දුරකතනයට අවස්ථා ගනනාවකදීම ඇමතුම් ලබා ගැනීමට නොහැකි වී ඇත. මේ අනුව අමල් ඉලෙක්ටි‍්‍රකල්ස් ආයතනය යනුවෙන් ආයතනයක් ලියාපදිංචි වී නොමැති බව පැහැදිලිය. ඒ නිසා එහිදී මෙම ගනුදෙනුවේදී වංචා සහගත ලෙස කටයුතු කීරීම ස`දහා එලෙස අවශ්‍ය කූට ලේඛන සැකසීමට යොදා ගත් උපක‍්‍රමයක් බවට පැහැදිලි විය.
මෙම ගනුදෙනුව ස`දහා අත්සන් කිරිමට නියමිත වන්නේ එම කාලයේ හිටපු සභාපතිවරයා වන ජයරත්න නැමැත්තාටයි. එහෙත්  මෙහි අත්සන් තබා ඇත්තේ එම ගිවිසුමට අත්සන් කිරීමට නීත්‍යානුකූලව සහ ව්‍යාවස්ථානූකූලව කිසිදු අයිතියක් නොමැති රොබට් නැමැති සභාපතිවරයායි.
ඒ පිලිබ`දව විමසීමේදී ජයරත්න නම් හිටපු සභාපතිවරයා පවසා තිබුණි. එලෙසම මේ ටෙන්ඩරය සම්බන්ධයෙන් 2010 මැයි මස 23 දින පැවැති විධායක කම්ටු රැුස්වීමේදී අමල් ඉලෙක්ටි‍්‍රකල්ස් වෙත ටෙන්ඩරය භාර දීමට කිසිදු තීරණයක් නොගත් බවද එම කමිටු සමාජිකා ශී‍්‍රයානී අරුණමාලී  යන තැනැත්තියද පවසා තිබිණි.  එලෙසම මෙම ජල පෙරනයේ විෂ්කම්බය අ`ගල් 36 නොමැති බව හා එය අ`ගල් 24 ක ජල පෙරනයක් නිසා එම ටෙන්ඩරයට වඩා අ`ගල් 12 කින් ජල පෙරණය කුඩා බවවරෙක වෘත්තීය කාර්මික නිලධාරියෙකු වන මෙම සංවිධානයේ උප සභාපතිවරයෙකු වන සිල්සිරි පේරේරා නැමැත්තාද පවසා තිබිණි.
මෙම ගනූදෙනුවේදී ටෙන්ඩර් දමා තිබූ අනෙක් ආයතන දෙක වන්නේ ටෙක්ස්පර්ට් එන්වයර්මන්ට් ඉංජිනේරු ආයතනය සහ ඇක්වා ටෙක්නොලොජීස් ආයතනයයි. මෙම ආයතන දෙක ජල පිරිපහදු කිරීමේ කාර්්‍යයන් වලදී ඉතා පළපුරුදුකම් ඇති අයි.එස්. ඕ. සහතික ලත් ලියාපදිංචි ආයතනයන් වේ. මෙම ආයතන දෙක ඉදිරිපත් කර ඇති  මිල ගනන් සම`ග ටෙන්ඩරය ලබා දී ඇති අමල් ඉලෙක්ටි‍්‍රකල්ස්    ආයතනය ඉදිරිපත් කරන මිල රැුනන දැනට සවි කර ඇති ෆිල්ටරය ස`දහා වැය කල මුදලට වඩා අඩු බවද මේ වන විට ඉතා පැහැදිලිව තහවුරු වී තිබේ.

එමෙන්ම ඬේව්ඞ් වත්තේ ජල පොම්පාගාරය ස`දහා ඇක්වා ටෙක්නොලොජිස් ආයතනය  විසින් සවි කල ජල පෙරණ පද්ධතියෙන් එක`ග වූ ප‍්‍රමානයට වඩා පිරිසිදු කල ජලය නොලැබීම, ව්‍යාපෘතිය නිසි ලෙස අවසන් කර නිල වශයෙන් භාර නොදීම, සේවා ගිවිසුම් ලබා නොදීම වැනි ප‍්‍රධාන කරුණු කාරණා නිසා එම ආයතනයට ගෙවිය යුතු අවසන් වාරිකය වශයෙන් රු.94500 /- මුදල නොගෙවීමට විධායක කම්ටුව තීරණය කර තිබූණි. ඒ අනුව එම වාරිකය ගෙවීමට නම් එම ආයතනය විසින් සපුරාලිය යුතු සේවා ඉටු කල යුතු බවට ලිඛිතව දන්වා යවන ලද අතර එහෙත් ඒකී කඑරුණු කිසිවක් සම්පුර්ණ නොකර ඇක්වා ටෙක්නොලොජිස් ආයතනයට එම වාරික මුදල් ගෙවා තිබිණි.

එලෙසම  බාහිර විගණකවරයෙකු ස`දහා  රු.9000/- ක්  ගෙවා ඇති බව අවසන් ගිණුම් වල දක්වා ඇතත් එම ගිණුම් වලනිවැරදිභාවය භාහිර විගණකවරයා විසින් සහතික කර නැති අතර එම ගිණුම් ස`දහා අත්සන් කර ඇත්තේ අභ්‍යන්තර විගණකවරයා පමනකි.
ඉහත කරුණු මෙම සංවිධානය තුල මේකී කාලවකාවනුව තුල සිදුවී ඇති මුදල් අක‍්‍රමීකතා වංචාවන් කිහිපයක් සහ ඒවා සනාථ වන සු`ඵ සාක්ෂි කිහිපයක් පමනි. ඒ නිසා ඒන්ජල්ස් පාර්ක ජල යෝජනා ත‍්‍රමයේ 2009/12/31 න් අවසන් වන මුදල් වර්ෂයේත් 2010/12/31 න් අවසන් වන මුදල් වර්ෂයේත් ඉදිරිපත් කර ඇති් මුල්‍ය වාර්තා නිවැරදි නොවන බවට පැහැදිලි වේ.
මේ අනුව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ වගකිව යුතු බලධාරීන්ගේ සහ නිලධාඍීන්ගේ ත් වගකීම විය යුත්තේ රජයේ මුදල් ප‍්‍රතිපාදන වල අනුග‍්‍රහය සහ රාජ්‍ය නොවන සංවිධාන වල මුල්‍ය ආධාර ලබා ගනිමින් ආරම්භ කල මෙම ජල යෝජනා ක‍්‍රමයේ පාලනය කෙරෙන සංවිධානයේ යම් අයෙකු හෝ යම් කන්ඩායමක් විසින් අයුතු ලෙස හෝ වංචා සහගත ලෙස ලබා ගෙන ඇති මුදල් නැවත එම සංවිධානයට අයකර දීමට කටයුකු කිරීමයි.
සටහන – තුෂාර රොහාන්