“ටිෂාන් ෆොන්සේකාගෙන් ” නත්තලට සහ අලුත් අවුරුද්දට සුභ පැතුම් !

0
151

 

මීගමුව, මාරිස්ටෙලා විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතික අධ්‍යාපනය හැදෑරූ
” ටිෂාන් ෆොන්සේකා” උසස් පෙළ ඉහළින් සමත්ව ඉගැන්වීමට ඇති දැඩි ඇල්ම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර සරසවියට ඇතුළත් වී මූලික B.Sc උපාධිය ලබා ගන්නා ලදී. ඉන්පසු ඔහු එම සරසවියේම ” විශ්ලේෂණ රසායනය” පිළිබඳ M.Sc උපාධිය ලබාගත් අතර රසායන විද්‍යාව කෙරෙහි වූ විශේෂ ඇල්ම නිසාම කැලණිය සරසවියේ “ව්‍යවහාරික රසායන විද්‍යාව ” පිළිබඳ ඩිප්ලෝමාවද ලබා ගන්නා ලදී.
සිය උසස් පෙළ විභාගය අවසන් වූ වහාම ලාබාල සිසුන් සඳහා උසස් පෙළ රසායන විද්‍යාව (A/L- Chemistry ) ඉගැන්වීම ඇරඹූ ඔහු මේ වන විට සිය ගුරු දිවියේ 16 වන වසර පසු කරමින් සිටි.

ඉංග්‍රීසි සහ සිංහල (English / Sinhala ) මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීම, ඔහු සතු සුවිශේෂී හැකියාවකි.
මේ දක්වා ශ්‍රී ලංකාවට වෛද්‍යවරුන් 231 ක් , ඉංජිනේරුවරුන් 295 ක්, A/L විද්‍යා/ගණිත ගුරුවර ගුරුවරියන් 158 ක් ඔහු විසින් බිහිකර ඇති අතර ඔහු ලබා දුන් ” A ” සාමාර්ථ සංඛ්‍යාව මේ වන විට වන විට 730 පසුකර හමාරය.
මීගමුව නගරයේ උපත ලැබ, මීගමුව පුරවරයටම නිහඬ සේවාවක් සිදුකරන ටිෂාන් ෆොන්සේකා යනු සුවිශේෂී ගුරුවරයෙකු ලෙසද හඳුන්වා දිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here