අක්කර පනහ, හොර දොස්තර ඇප මත නිදහස් මුදල් ඇප එක් ලක්ෂ පනස්දාහයි. ශරීර ඇප ලක්ෂ හැටයි.

0
250

මීගමුව දුෂන මර්ධන ඒකකය විසින් පසුගිය ජනවාරී 19 දින රාතී්‍ර අත්අඩංගුවට ගත් සැකකාර අජිත් විපුල බන්ඩාර නැමැත්තාව පසුගිය මාර්තු 01 දින නැවත මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබීනි.  වසර 11 කටත් වැඩි කාලයක සිට කිසිදු වෛද්‍යමය සුදුසුකමක් නොමැතිව , මීගමුව, කිඹුලාපිටිය පාරේ අක්කර පහන ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යමින් ප්‍රදේශය පුරා මත් ද්‍රව්‍ය වෙනුවට ගත හැකි ටේ‍රමඩෝල් හයිඩ්‍රොක්ලෝරයිඩ් නොහොත් සුඩෝල් නැමැති ෙඖෂධය අලෙවි කල බවට හා තවත් චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව මෙහිදී ඉදිරිපත් කර තිබිණි. මෙම සැකකරු වෙනුවෙන් අධිකරණය වෙත ලබා දුන් බී වාර්තාවේ චෝදනා 03 ක් ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබිණි. එහිදී චෝදනා 02 ක් මීගමුව දුෂන මර්ධන ඒකකයෙන් සහ අනෙක් චෝදනාව ඉදිරිපත් කර තිබුනේ ගම්පහ දිස්ති්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්්‍යාලයට අනුයුක්ත ආහාර හා ඖෂධ පරීක්ෂක අංශය මගිනි.  ගම්පහ දිස්ත්‍රික් ආහාර හො ඖෂධ පරීක්ෂක අංශය මඟින් ඔහුට එරෙහිව නගා තිබු චෝදනාව වුයේ  සුඩෝල් නැමැති පෞද්ගලික ෙඖෂධ හල් වල අලෙවි නොකරන වේදනා නාශක ෙඖෂධය නිති විරෝධීව අලෙවි කිරීමයි. එලෙසම දුෂන මර්ධන ඒකකය විසින් ඔහුට එරෙහිව න`ගා තිබු පළමු චෝදනාව  වුයේ ඔහුව අත්අඩංගුවට ගත් ස්ථානයේ තිබී හමු වූ ජාතික හැ`දුනුම්පත් සම්බන්ධවයි. එහිදී කාන්තාවන් පිරිසකගේ ජාතික හැඳුනුම්පත් තමා සන්තකයේ තබා ගැනීම ඔහුට නගා තිබු පලමු චෝදනාවයි. (එම ජාතික හැඳුනුම්පත් සැකකරු විසින් නීතී විරෝධිව එම ස්ථානයේ සිදුකල ගබ්සා කීරිම් වලට පැමිණි කාන්තාවන්ගේ බවට චෝදනා කෙරේ. ) එලෙසම එම ඒකකයෙන් ඔහුට නගා තිබු දෙවන චෝදනාව වුයේ කිසිදු වෛද්‍යමය සුදුසුකමක් නොමැතිව වෛද්‍ය මධ්‍යස්ථායක් පවත්වාගෙනයාමයි.
මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා විසින් මෙම සැකකරුට එම චෝදනාවන් 03 ට වෙන වෙනම රු.50000/- ( පනස්දාහසක් )  බැගින් රු.150,000/- ( එක් ලක්ෂ පනස්දහසක් ) ක මුදල් ඇපයක් සහ චෝදනා 03 ට වෙන වෙනම රු2000000/- (ලක්ෂ 20ක් ) බැගින් රු 6000000 /- ( ලක්ෂ 60ක් ) ක ශරීර ඇපයක් නියම කර ඇප ලබා දී තිබිණී.
මේ අනුව ගම්පහ දිස්ති්‍රක් ආහාර හා ඖෂධ පරීක්ෂක අංශය මගින් ඔහුට එරෙහිව නගා තිඛෙන චෝදනාව  විභාග කීරිම එළඹෙන මාර්තු 15 වැනි දිනද එලෙසම  මීගමුව දුෂන මර්ධන ඒකකය විසින් නගා තිඛෙන අනෙක් චෝදනාවන් 02 ක විභාග කිරීම ලබන ජුනි මස 06 වැනි දිනට ද දින ලබා දී තිබේ.
මීගමුව දුෂන මර්ධන ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගත් දිනට පසු දින සිට මේ දක්වාම ඔහුට ඇප ලබා නොදුන් අතර ඔහුව එතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබිණි.