අක්ෂි කාචයක මිල රු. 20 000 පහළට..

0
1196
YOUNG WOMAN PUTTING CONTACT LENS IN EYE

ජාතික ඖෂධ නියාමන මණ්ඩලය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙලකට අනුව ලබන සතිය පමණ වන විට කෘතිම ඇස්කාචයක මිල රු.20 000කින් පමණ අඩු කල හැකි වෙතැයි එම මණ්ඩලය අපේක්ෂා කරනවා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන පරිදි ඉන්දියාවෙන් මෙරටට ගෙන්වනු ලබන කෘතිම ඇස් කාච එරටින් ගෙන්වන්නේ රු.6000ක පමණ මිලකට වන අතර මෙරටදී එය       රු.25 000 – රු.30 000 ක පමණ මුදලකට අලෙවි කෙරෙනවා. එ් නිසා අමාත්‍යවරයා පවසන්නේ රට තුල ඇස් කාච ජාවාරමක්  මේ වන විට ක්‍රියාත්මකවන බවයි.

ඒ අතරම රජයේ රෝහල්වලට අක්ෂි ශල්‍යකර්ම සදහා පැමිණෙන රෝගීන්ට අවශ්‍ය වන ඇස් ච  නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙක්ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. ආමාත්‍යවරයාගේ අනුදැනුම මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කෘතිම ඇස් කාච ලක්ෂයක් පමණ මෙරටට ගෙන්වීමට තීරණය කර ඇති අතර රජයේ රෝහල් වල යම්කිසි කාච හිගයක් පවතීනම් පිටින් ඒවා මිලට ගැනීමට රෝහල් අධ්‍යක්ෂකවරුන්ට අවශ්‍ය වන මුදල් වෙන් කිරීමටද අමාත්‍යවරයා දැනුම්දී තිබෙන බවයි වාර්ථා වන්නේ.

1441098063438

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here