අගමැතිගේද කැමැත්තෙන් හෙට මුදල් ඇමතිකම බැසිල්ට ?

0
90

හෙට (08) දිනයේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දිමට නියමිත බැසිල් රාජපක්ෂට අගමැති මහින්ද රාජපක්ෂගේද කැමැත්ත ඇතිව මුදල් ඇමතිකම හිමිවෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග කියයි .
ඔහු මේ බව කියා තිබුනේ මිනුවන්ගොඩ යාගොඩමුල්ලේදි පැවති උත්සවයක් අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු, ජනාධිපති, අගමැති සොහොයුරු බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානාක ඉදිරියේ දිවුරුම්දීමටත් පෙර මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.ඒ අනුව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ඉදිරියේ මුදල් ඇමති ලෙස හෙට (08) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බවත් පසුව පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරයකු වශයෙන් කතානායක ඉදිරියේ දිවුරුම් දීමටත් නියමිතව ඇත. අනතුරුව හෙට පෙරවරුවේම අමාත්‍යංශයේ වැඩ බාරගැනීමටද නියමිතය.

මුදල් ඇමතිකම බැසිල් රාජපක්ෂ වෙත ලබාදිමට අගමැති පවුලේ අයගේ කැමත්තක් නැති බව මිට පෙර විවිධ මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි.
මිට පෙර පැවැති රාජපක්ෂ රජයේදි බැසිල් රාජපක්ෂ විසින් දරන ලද ආර්ථික කටයුතු පිළිබද ඇමතිධුරයද හෙට දිනයේ ඔහු වෙත හිමිවිමට නියමිතය

ප්‍රියපේම මාණික්කරත්න