අගමැති මහින්ද‌ගේ ඩුබායි සංචාරය අවලංගුයි !

0
62

රටේ පවතින ගැටලු සහ ආර්ථික අර්බුදය හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ඩුබායි සංචාරය අවලංගු කර ඇති බව ඩේලි මිරර් වාර්තා කර තිබේ.

ඩුබායි හි පාලක මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් විසින් අග්‍රාමාත්‍ය රාජපක්ෂට එක්ස්පෝ හි ප්‍රදර්ශනය සදහා ඇරයුම් කර තිබුණි.

ඩුබායි එක්ස්පෝ උත්සවයට සහභාගී වීම සඳහා අගමැති රාජපක්ෂ 2022 ජනවාරි 2 වන දින ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණි. ඩුබායි හි පාලක මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ ආරාධනයකට අනුව ඔහු ජනවාරි 3 වන දින ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතවිය.