අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව මීගමුවට අශුද්ධ සන්ධානයක් !

0
220

beach-prk-1රාජපක්ෂලාගේ  සහ ලංසලාගේ පාලනය රජකරමින් හපකර දැමු මීගමුවට කෝටි ගණනින් සල්ලි බෙදුවද එය යළිත් වැල්ලවිදියේ පාලනයට  හීනෙකින්වත් නතු කරගන්නට නොහැකි වන අයුරින් වාර්තා ගත ජයක් වැඩිඡන්ද 30000 කටත් වඩා වැඩියෙන් ලබමින් සනිටුහන් කරන්නට පසුගිය මැතිවරණ්‍යන්වලදි එජායට හැකිව තිබුණි.
ලංසා පාලනය තිරාණාත්මක ලෙසින් පරාජය කිරිමේ සටනේදි කාවින්ද ජයවර්ධන හෝ ප්‍රදිප් පිරිස් පැත්ත පලාතක නොසිටි බව මුළු මිගමුවේ දේශපාලන මනසක් ඇති සැවොම දනි.
රාජපක්ෂ ලංසා කල්ලිය විසින් රොයිස් විජිතව සිරකර තබන්නට ඇටවු උගුල ගැනත් රාජපක්ෂලාට එසේ කොටුකරගන්නනට බැරි වු රොයිස් විජිත මීගමුවට ජය ගෙනෙන නායකයා බවටත් ඉහලම සහතික ලබාදුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහය.
ඒ ජනාධිපතිවරණයට වෙනුවෙන් මිගමුවේ පැවැති අවසන් රැළියේදිය.
ලංසා රාජපක්ෂ හවුල් පාලනය තිරාණාත්මක ලෙසින් මීගමුවේදි පරාජය කිරිමේ භාරධුර වගකිම වික්‍රමසිංහ මහතා විසින් භාරදුන්නේ රොයිස් විජිත හටය.
ප්‍රදිප් පිරිස් හෝ කාවින්ද ජයවර්ධන හෝ මේ වගකිම් වලට උරදිම සදහා පැත්ත පළාතකවත් සිටියේ නැත.
මීගමුවේ දේශපාලනය ගැන දන්නා සැම ඒ කාලයේ ප්‍රදිප් පිරිස්ලා කාවින්ද කළේ කුමක්දැයි ඉතා හොදින් දනි.
තතු එසේව තිබියදි ලංසලාගේ කළු සල්ලි මතින් දැන් මිගමුව තුල ක්‍රියාත්මක පිරිස් ,ලංසා ,ජයවර්ධන අශුද්ධ සන්ධානය වෙනුවෙන් කුලියට ලියට කියන මැට්ටන් හිතන්නේ ලංසලාට තවදුරටත් කප්පම් ගතහැකි දේශපාලනය තවත් දශකයන් පවත්වාගැනිම සදහා එජාප ඡන්ද කඩා ලංසාට මීගමුව විනාශ කිරිමට ඉඩකඩ සලසා දිමටය.
කදේ පමණට මොලයක් නැති මේ ලියන අප්පුලාට  මතක් කර දිය යුතු එක් කරුණක් තිබේ.
එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර ආසන සංවිධායකධුරය ලබාදෙන අවස්ථාවේදි රොයිස් අමතා කි දේ ගැන කාවින්ද ජයවර්ධන හෝ ප්‍රදිප් පිරිස් දන්නේ මොනවාද ?
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා රොයිස් අමතා කියා තිබුණේ  මෙවර වැඩි ඡන්ද 60000 කින් මීගමුව අාසනය දිනා දෙන ලෙසය.
ඒ වික්‍රමසිංහ මහතා මීගමුව එජාපය කෙරෙහි තබා ඇති විශ්වාසයයි.
තතු එසේව තිබියදි එජාප විකල්ප කණ්ඩායමක් යැයි එකක් අටවාගෙන මීගමුව එජාපයේ ඡන්ද කැඩිමටත් ඒ මගින් යළිත් වරක් ලංසලාට සහ පිළෙන්ද්‍රන්ලාට මීගමුව විනාශ කරන්නට ඉඩලබාදිමට අනියමින් කටයුතු කරමින් සිටින්නේ කව්ද ?
ගණිතඥයන් අවැසි තැනකට නැට්ටුවන් පත්කිරිම තේරුමක් නැති වැඩක් බව මේ රටේ ඉතා තියුණු දේශපාලන බුද්ධියක් සහිත වික්‍රමසිංහ මහතා දනි.
ප්‍රදිප්ලාට සහ කාවින්ද ලා ට කළ නොහැකි දේත් ,රොයිස් විජිතලාට කළ හැකි දේත් වික්‍රමසිංහ මහතා ඉතා හොදින් දනි.
ඇති තතු මෙසේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන දැන හෝ නොදැන මීගමුවේ සිටින ඔහුගෙන් පඩිලබන ඇතැම් ගෝලබාල මැට්ටන් අද සිිදුකරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහටත් එජාපටත එරෙහිව යමින් ලංසලාගේ උවමනාව ඉටු කිරිමය.
වික්‍රමසිංහ මහතා කියා සිටියේ මීගමුව වැඩිඡන්ද 60000කින් ජයගන්නා ලෙසය.
එහෙත් කාවින්ද ජයවර්ධනගේද නම ඇදාගනමින් ඔහුගෙන් පඩි ලබන ප්‍රදිප් පිරිස්ලාගේද ආශිර්වාදය ලබන කුලියට ලියන කියන ලියනප්පුලා දැන් මේ ක්‍රියාකරමින් සිටින්නේ මීගමුවේ ශක්තිමත් එජාප දෙකට කරවිමටය.
මේ ගැන කාවින්ද ජයවර්ධන සහ ප්‍රදිප් පිරිස්ලා කියා සිටින්නේ කුමක්ද ?
ඇන්ටනි ප්‍රනාන්දු -කුරණ