ඒ පොල් ගෙඩියේ වට ප්රමාණය අනුවය.
මේ පිළිබඳව සොයාබැලීමට “අද දෙරණ” ප්රවෘත්ති කණ්ඩායමක් වෙළෙඳපොළ නිරීක්ෂණයක නිරත වි ඇති බව එම වෙබ් අඩවියේ පුවතක පළව තිබේ
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් ඊයේ (25) ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
එහි දක්වා ඇති ආකාරයට පොල් ගෙඩියක් සඳහා උපරිම මිල තීරණය කළ හැක්කේ, එහි වට ප්රමාණය අනුවය.
වට ප්රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 70කි.
වට ප්රමාණය අඟල් 12 – 13 අතර වන පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 65කි.
වට ප්රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් අලෙවි කළ හැක්කේ, රුපියල් 60කට පමණය.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, උපරිම මිලට වඩා ඉහළ මිලකට අලෙවි කිරීම, අලෙවිය පිණිස තැබීම හෝ අලෙවිය සඳහා ප්රදර්ශනය කිරීම හෝ සිදුනොකළ යුතු බවය.
නව මිල ගණන්වලට අනුව වෙළෙඳපොළේ පොල් අලෙවි වන්නේද? යන්න සොයා බැලීමට “අද දෙරණ” වෙළෙඳපොළ නිරීක්ෂණයක නිරතව තිබේ.
ඒ අනුව පෙනි යන්නේ එය සැබැවින්ම ජෝක් එකක් වි ඇති අයුරුය.
රජයක් මේ තරම් ජෝක් වෙමින් ඇති යුගයක් මෑත ඉතිහාසයේ නම් අපගේ මතකයේ නැති තරම්ය