අජන්තා රණසිංහ ජීවිත ගීතයට නැවතුම් තිත

0
83

Ajantha Rප්‍රවීණ ගීත රචකයකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වශයෙන් ප්‍රකට ආචාර්ය අජන්තා රණසිංහ අද සිය ජීවිතයේ 75වැනි විය පසු කරමින් සිටියදී (27)අභාවප්‍රාප්ත විය.

නිවසේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රණසිංහ මහතා මෙසේ අභාවප්‍රාප්ත විය.

ලේක් හවුස් ආයතනයේ උපකර්තෘවරයකු ලෙසද ගුවන්විදුලි උපදේශකයකු ලෙසද කටයුතු කළ හෙතෙම සිංහල ගීත කලාවේ නව මානයන් ස්පර්ශ කළ කලාකරුවෙකි.

රන් කෙන්ඳෙන් බැඳ වැනි ගීත සිනමාවට රචනා කරමින් ‘මට ළඳුනි වරම් නැත‘, ‘වින්කල් බාස්‘, ‘ක්‍රිස්තුනි කරුණාකළ මැනව‘ වැනි නවකථා හා ‘සොල්දාදුවා පෙරළා පැමිණියේද‘ කෙටිකතාද ලියූ අග්‍රගණ්‍ය කෙටිකතාකරුවකු වශයෙන්ද සහෘද්යින් අතර ජනප්‍රිය විය.

මාධ්‍යවේදියකු හා කලාකරුවකු වශයෙන් ඔහු කළ මෙහෙවරට මේ මොහොතේ අප ඔහුට අපගේ ගෞරවය ප්‍රකාශ කරන්නෙමු.
http://www.thecolombopost.net