අඩි 216 ක් උස කුළුණක උපවාසයක් කළ තරුණයා බේරාගත් හැටි ( විඩියෝ )

0
86

ජෝර්දානයේ කඳවුරක සිටින සිය බිරිඳ ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිමින් පසුගියදා උඩුගම්පල ප්‍රදේශයේ දුරකථන කුළුණක් මතට නැගුණ තරුණයෙකු උපවාසයක් ආරම්භ කර තිබුණි.
සිය දුක්ගැනවිල්ල අදාල මැතිඇමතිවරුන්ට කියා තිබුණද කිසිදු සාධාරණයක් නොවන බව එම අවස්ථාව ආවරණය කිරිමට ගොස් සිටි එකම මාධ්‍යවේදියා වු පියපේම හට ඔහු පවසා තිබුණි.
අඩි 216 ක් මතට වි අව්කාස්ටකේ අඩුම තරමින් වතුරවත් නැතුව ඒ වන විට රැයක් පහන් කර සිටි මේ තරුණයාගේ ජිවිතය බේරාගැනිමට කිසිවෙකුත් නිසි මැදිහත්විමක් නොකළ පසුබිමක පියපේම කල්පනා කර තිබුනේ ප්‍රවෘත්තියකට වඩා ජිවිතයක් බේරාගැනිම මේ අවස්ථාවේ වැදගත් බවය.

පියපේම මාණික්කරත්න


ඒ අනුව ක්‍රියාත්මක වු ඔහු මාධ්‍යවේදියෙකු ලෙස අන්‍යන්‍යතාවය කුළුණ මතට නැග ඒ තරුණයාට පෙන්වා දි කරුණු පැහැදිලි කර සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගගේ අවධානයට මේ ප්‍රශ්ණය යොමුකිරිමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව කුළුණෙන් බැසගත් තරුණයාද කැටුව පියපේම ඇමතිවරයොග් කාර්යාලයටද ගොස් තිබුණි.
කෙසේ වෙතත් මේ වන විට මේ තරුණයාගේ බිරිද ව ගෙන්වා ගැනිමට විදේශකටයුතු අමාත්‍යංශ නිළධාරින් පියවර ගනිමින් සිටින බවද වාර්තාවේ