අඩුම ඉල්ලුමක් ඇති චීන එන්නතට වැඩිම මිළක් ?

0
142

වසංගතය හා බැදුන ප්‍රධාන සමාජ කතිකාව අතර අද වැඩිම අවධානයක් යොමුව ඇති මාතෘකාව වි තිබුනේ එන්නතයි.ආරම්භයේදි එන්නත පිලිබද කතිකාව කේන්ද්‍රගත වි තිබුනේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර තිබුන එන්නත්කරණ ප්‍රමුඛතා වලදි එයට පටහැනිව ක්‍රියාත්මක වෙමින් වැඩිහිටි ජනතාවට එන්නත්කරණයේදි ප්‍රමුඛතාව ලබාදිම මඟහැර තිබීමය.

එසේ කර තිබුනේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් වලට අවනත නොවි හමුදාකරණයට ලක්වු එන්නත්කරණය වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කර තිබුන නිසාවෙනි.

කෙසේ වෙතත් මේ වැරදි තීරණය හේතුවෙන් වසංගතය හමුවේ ජිවිත වලින් වන්දි ගෙවන්නට සිදුව තිබුනේ මේ රටේ වැඩිහිටි පරම්පාරාවටය.

දැන් එන්නත ගැන තවත් කතාවකි.පසුගියදා පාර්ලිමේන්තුව තුලදි සිදුකරන ලද වාද විවාද වලදි හෙළිව තිබුනේ අඩුඉල්ලුමක් ඇති චීන එන්නතට වැඩිමිළක් ගෙවා තිබුනේ ඇයිද යන කරුණයි.අනෙක් කරුණ වුයේ වැඩි ඉල්ලුමක් වැඩි පිළිගැනිමක් සහිත එන්නත අඩුමිලකට ගත හැකිව තිබියදි එ ගැන රජය උනන්දුවක් නොදැක්කුවේ මන්ද යන්නයි.

(ෆයිසර් එන්නත ඩොලර් 5කට ගත හැකිව තිබියදි සයිනොෆාම් එන්නත මේ පාලකයන් විසින් මිළට ගෙන ඇත්තේ ඩොලර් 15කටය)

හොදම දේ ජනතාවට ලබා දෙනවාට වඩා හොදටම කොමිස් කුට්ටිය පාලකයන්ට ලැබෙන දේ දෙන්නේ නම් එය කොයිතරම් බියකරුදැයි සිතිය යුතුව ඇත්තේ වසංගතයකින් පවා හම්බකරන් කන්නට හිතන පාලකයන් සමඟින් ජිවත්වන්නට සිදුව ඇති මේ ජනතාවටය.

දැනටමත් පමා වි වැඩිය.එහෙත් වසංගතය වසන්තයක් කරගන්නට සැලසුම් කරන මේ අමන පාලනයට එරෙහිව කොන්දේසි විරහිතව කටයුතු කිරිමට තීරණය කිරිම විනාඩියකින් හෝ පමා කරන අප සිතිය යුතුව ඇත්තේ ඒ විනාඩියේදිත් අප කරන්නේ අපගේ ජිවිතයත් සමඟින් සෙල්ලම් කිරිමක් බවය.