අණනොතකා ගියැයි කියා වෙඩිතියන හැටි මෙන්න !

0
403

Screenshot_20191101_132314යාපනය හංදිය පසුකොට යාපනය දෙසට  ඉදිරියට යන විට හමුදාවේ මාර්ග බාධකයක් විය.එහි සිට පළමු මුරබටයා සිටියේ මුරපල හරහා යන වාහන හැසිරවිමටය.ඔහු අපට සංඥා කරමින් කියා සිටියේ එතනින් ඉදිරියට යන ලෙසය.අප වාහනය මුරපල හරහා ගමන් ගනිද්දි පාරේ පැත්තකට වි සිටි කලු කණ්නාඩි පැළද සිටි කාලවර්ණ මුරබටයෙකු නවතින ලෙස සංඥා කළ බව අප කණ්ඩාමේ සිටි එක් අයෙකුට නිරික්ෂණය වි තිබුණි.අපගේ රියදුරාට කිසිසේත්ම එවන් සංඥාවක් ඇස ගැටි තිබුනේ නැත.ඔහු වාහනය තවත් ටිකක් ඉදිරියට මුරපල හරහාම යද්දි ඇතුලත.සිටි අප කියා සිටියේ හමුදාව වාහනය නවතන ලෙස සංඥා කළ බවය.අපගේ වාහනය දෙසට පැමිණි මුරබට⁣යා රියදුරුට නොසරුප් ලෙසින් කියා සිටියේ කණ ඇහෙන්නේ නැතිදැයි කියාය.එ ප්‍රකාශයට ක්ෂණිකව පිළිතුරු දුන් අප සියල්ලෝම කියා සිටියේ ඇහැනු තබා නතර කරන්න යැයි කරන ලද සංඥාව පවා හරිහැටි නොදුටුබවය.ඉන්පසු ඔහුගෙන් ප්‍රශ්ණ වැලකි.සියළුම බෑග් වලට අතදමා පරික්ෂා කලේය.එහි සිටි එක් සහෝදරියකගේ බෑගයේ තිබු සියල්ලද ජංගිද ඇතුළුව පරික්ෂා කලේය.අනතුරුව අපේ කැමරා ආම්පන්න වයර් ආදියද පරික්ෂා කලේය.ඒ සියල්ල අවසන් වන  පසු අප ඔහුට කිවේ වාහනයක් නවත්වන්නේ නම් පාරට පැන සංඥා පුවරුවක් පෙන්වා නිසිලෙසින් වාහනය නවත්වන්න යැයි අණලබාදෙන ලෙසය.ඇයි අවුල්දැයි ඔහු පෙරළා අපගෙන් විමසිය.ඔව් අවුල් තමයි තව පොඩ්ඩෙන් අණනොතකා මුරපළ හරහා ගිය වාහනයකට වෙඩි යැයි කියන්නටද අවස්ථාවක් නිර්මාණය විමට ඉඩ තිබුන බවය.එවැනි මෝඩවැඩ අපි කරන්නේ නැතැයි ඔහු පෙරළා අපට කීය.වාහනේ ඔක්කොම ඉන්නේ මාධ්‍යවේදින් මුරපලවල් ගැන හොදටම දන්න අය ඒ හින්ද අපි කියන්නේ මෝඩවිදියට නැතුව වෘත්තිමය විදියට වාහන නැවැත්විමට ඔබලා නුවණක්කාර විය යුතු බවය.

ඡයාරූපය- ගෙටිඉමේජ්