අණ නොතකා ගිය සුපිරි රථයේ අරක්කු ? පොලිසිය වෙඩි තියලා ?

0
72

ඊයේ (20) රාත්‍රි 11 ට පමණ දංකොටුව පොලිසිය ඉදිරිපිට මාර්ගයේ හදිසි මාර්ග සෝදිසියක යෙදි සිටි පොලිස් නිළධාරින් සැක කටයුතු මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කලත් එය පොලිස් නිළධාරින්ගේ ඇඟට කපා පළායාමට උත්සහා දැරිමේදි තැබු වෙඩි පහරකින් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් වි සිටි අයෙකු හා වාහනයේ සිටි අයෙකු සැකපිට අද (21) උදැසන අත් අඩංගුවට ගත්බව දංකොටුව පොලිසිය පවසයි, මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කටුකෙන්ද අංක 5 නිවසේ පදිංචි (45) හ (35) හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් කාලයක සිට කටුකෙන්ද ප්‍රදේශයේ සිට පන්නල දක්වා මෝටර් රථයකින් නීති විරෝධි කසිප්පු ප්‍රවාහනය කර ඇති බවත් ඊයේ රාත්‍රියෙත් එලෙස කසිප්පු තොගයක් ප්‍රවාහනය කරමින් සිට ඇති බව පොලිසිය පැවසිය. මාර්ග සෝදිසියේ යෙදි සිටි පොලිස් නිළධාරින් මෙම මෝටර් රථය නැවැත්වීමට සංඥා කිරිමේදි පොලිස් නිළධාරින් යටකිරිමට උත්සහ කිරිම නිසා එයින් බේරිමට වාහනයේ ටයර් වලට වෙඩි තැබිමේදි මෙම අනතුර සිදු වි ඇති බව දංකොටුව පොලිසිය කීය සැකකරු තම මෝටර් රථයෙන් පළාගොස් මාරවිල රෝහලට ඇතුල් වි සිටියදි එම රෝහලෙන් කල දැනුම් දීමක් මත පොලිස් නිළධාරින් එහි ගොස් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ සැකකරුගේ වම් පාදයට වෙඩි වැදිම සිදුව ඇති බවත් එය බරපතල තත්වයේ නොවන බව මාරවිල රෝහල් පොලිසිය පැවසීය සැකකරුගෙන් ලබාගත් ප්‍රකාශයක් මත වෙඩි වැදුනු මෝටර් රථය මෝරුක්කුලිය ප්‍රදේශයේ ගරජයක සඟවා තියදි පොලිස් බාරයට ගෙන තිබේ එහි තිබි කසිප්පු බෝතල් 350 ක් පමණ අඩංගු ප්ලස්ටික් බැග් 9 ක්ද සොයාගත් බව පොලිසිය කීය
චන්දන ප්‍රනාන්දු

Chandana Fernando's photo.