මැරයන් අත්අඩංගුවට නොගත් මීගමුව පොලිසියට යළිත් ජනතා විරෝධය.

0
55

මීගමුව පොලිසියට එරෙහි සතියක් ඇතුලත දෙවන උදඝෝෂණයද සංවිධානය කිරිමට මීගමුව ජනතාවට සිදුව ඇත්තේ මැර කල්ලි අත්අඩංගුවට ගැනිමට පොලිසිය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිම නිසාය.
පසුගිය දිනක මීගමුවේ දළුපොත නගරයේදි තරුණයෙකුගේ අතක්  කපා දැමු 6 දෙනෙකුගෙන් යුත් මැරකල්ලියේ නම් ගම් සියල්ල මීගමුව පොලිසියට ලබාදි තිබුනද මේ වනතුරුත් ඒ කිසිවෙක් අත්අඩංගුවට නොගැනිම නිසා අද දවල් දඵපත මංසන්ධියේදි ටයර් පුළුස්සමින් ජනතාව  පොලිසියට විරෝධය පළ කර තිබුණි.
දළුපත පදිංචි කරුවෙකු වු ජුඩ් නාමල් නැමැත්තාගේ අත කපා දැමු පිරිස කෙලින් ගොස් ඇතැයි පැවසෙන්නේ මීගමුවේ ප්‍රධාන පෙළේ දේශපාලකයෙකුගේ කාර්යාලය වෙතය. එහි යන විට මැයිදින සංවිධාන රැස්විමක්ද පැවත්වෙමින් තිබි ඇත.
බරපතල තුවාල ලැබු නාමල් නැමැත්තා මේ වන විට කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
පසුගිය සතියේ තවත් මැරකල්ලියක් ධීවර තරුණයෙකුට පහරදි ඝාතනය කර තිබුනද  ඒ මැරයන් කඩිනමින් පොලිස් අත්අඩංගුවට ගැනිමට නොහැකිවිම ගැන මීගමුව නගර මධ්‍යයේද උද්ඝෝෂණයක් සංවිධානය  කර තිබුණි.