අතිරේක ලයිස්තු මන්ත්‍රිුධුර ප්‍රශ්ණය නිසා මීගමුව අවුලෙන් අවුලට …..

0
39

Sarath and teamඅතිරේක ලයිස්තුවෙන් පත්කරන්නේ කව්දැයි යන්න සම්බන්ධයෙන්  සිය නිර්දේශයන් ඉදිරිපත් කළ යුතුව ඇත්තේ ආසන සංවිධායකන් විසිනි.
මේ අනුව පොහොට්ටුව මෙන්ම ශ්‍රිලනිපයටද මීගමුව වෙනුවෙන් ආසන් සංවිධාකයන් දෙදෙනො බැගින් සිටිති.එනම් සරත් ගුණරත්න සහ නිමල් ලංසාය.
මීගමුවේ පොහොට්ටුවේ ප්‍රධානිය ලෙසින් සැලකිය යුතුව ඇත්තේ ජේෂ්ඨ දේශපාලකයෙකු සහ පිළමාරු නොකට එක ප්‍රතිපත්තියක සිටි සරත් ගුණරත්න වුවද මුදල් බලය සහ තවත් න්‍යාය පත්‍රයන් රැසක් පෙරමුණට දා නිමල් ලංසාද චරිතයක් බවට පත්ව තිබේ.

saka

දැනට ලයිස්තු  තෝරාගැනිම් වලදි නිමල් ලංසා ගේ මැදිහත්විම දැනටමත් බහුරතයක් අපේක්ෂකයන් අතර බරපතල ගැටළුවක් බවට පත්ව ඇති බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.මේ තත්වය ඉදිරි දින කිපය තුලදි තවත් මෝරා පුපුරා යාමට හැකි තත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇතැයිද අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.මේ අතර ශ්‍රිලනිපය සදහාද සංවිධායකන් දෙදෙනෙකි.
ඒ ලලිත් ටෙන්සිල් සහ එම් .සාකාවුල්ලාය.
මේ නිසාම ඒ ඒ අය විසින් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව අපේක්ෂක අපේක්ෂිකාවන් නිර්දේශ කිරිමට යාම නිසා දැන් මීගමුවේ අදලා කණ්ඩායම් 2 ක් අතරම අර්බුද උත්සන්න වෙමින් තිබේ.
අතිරේක ලයිස්තුවෙන් එජාපය සදහ කිසිදු මන්ත්‍රිධුරයක් නොලැබුන නිසා එජාපයට මේ ගැටළුව මතුවි නොමැත.