අති උතුම් එමම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපානෝ පදවිප්‍රාප්ති උත්සවය

0
59

1මන්නාරම රදගුරු වසමේ තෙවන රදගුරුහිමිපාණන් වශයෙන් පත් කෙරෙැණ අති උතුම් එමම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපානෝ පදවිප්‍රාප්ති උත්සවය මෙ මස 30 වන දින පෙරවරු 10 ට මන්නාරම සාන්ත සෙබස්තියන් ආසන දෙවිමැදුරේ දි සිදු කිරිමට පියවර ගෙන ඇති බව කිතුණු සභාව නිවේදනය කර ඇත.
මෙම පදවි ප්‍රාප්ත උළෙලට එන නව රදගුරු හිමිපාණන් ඇතුඵ  දිවයිනේ සිටින සෙසු රදගුරුහිමි වරුන්  ප්‍රමූඛ කිතුණු පියතුමන්ලා කිතුණු කන්‍යා සොයුරු සොයුරියන් හා බැතිමතුන් එදින පෙරවරු 8 ට මඩු සිද්ධස්ථානයට රැස්වි එතැන් සිට රථ පෙරහැරකින් මන්නාරම අර්ධවීපය කරා ගමනාරම්භ කරණු ඇත.
එදින පෙරවරු 9 30 ට මන්නාරම පාලම අසල දී මන්නාරම ජනතාව විසින් අභිනව රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන්  මහත්වු අභිමානයෙන් යුතුව පිලිගෙන පසුව පෙරහැරින් මන්නාරම සාන්ත සෙබස්තියන් ආසන දෙවිමැදුර කරා ගෙන ගොස් එහිදි පදවි ප්‍රාප්ත දිව්‍ය පුජා මෙහෙය සිදු කිරිමට පියවර යොදා ඇත.
මෙම පදවිප්‍රාප්ති දිව්‍ය පුජා මෙහෙයට සහභාගි වීම  පිණිස දිවයිනේ නන් දෙසින් පැමිණෙන කිතුණු පුජකවරුන් කන්‍යා සොයුරු සොයුරියන් වෙනුවෙන් අවශ්‍ය නවාතැන් පහසුකම් මඩු සිද්ධස්ථානයේ දි ලබා දීමට ද පියවර ගෙන ඇති බව මෙම උත්සවයේ ප්‍රධාන සංවිධායක අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා හිමියන් නිවෙිදනය කර ඇත.


හලාවත –  ඔගස්ටින්  ප්‍රනාන්දු